.........towards the stream of thoughts

Friday, August 30, 2013

බමරෙකු කුමට සිත් මල රැක ගන්න බැරි




පලා ගුවන් ගැබ ගඟනත සරන ලියේ

දුලා නෙත් සරින් මන කොඳ බැන්ඳ ලියේ

තලා සිනිඳු සිත් මල බමරින්ඳු ගියේ

සලා කඳුළු නොතැවෙන් දේවතාවියේ

 

සරා කඳුළු ගංගාවෙක දෑල බිඳ

දුරාතීතයක සැමරුම් අතර හිඳ

දරා සෝ සුසුම් හදවත වැළපේද

පුරා හඳට අවපස වැළකිය හැකි ද

 

කවියෙකු කුමට කව් රස දනවන්න බැරි

නැවියෙකු කුමට දියඹක පදවන්න බැරි

කුමරෙකු කුමට සිහසුන සුරකින්න බැරි

බමරෙකු කුමට සිත් මල රැක ගන්න බැරි

 

ගිගුම් දෙන සොවින් සිත් ඉම තුරන් කර

විකුම් පා නැගෙන මොහොතක සහසකර

සිතුම් අමුණමින් තැනු පෙම් මුක්තහර

බැලුම් ගලට නැඟ පළදනු ඔහුගෙ කර

 

No comments:

Post a Comment