.........towards the stream of thoughts

Thursday, August 29, 2013

මල් බඳුන


එදා ඔබ නික්මෙන්න

මොහොතකට පෙරාතුව

සැමරුමක් සේ දෑත

මත තැබූ මල් බඳුන

තවම ඇත අඳුරු නිවහනට පිටුපසින්

ඔබ නමින් මතක මල් දරා ගෙන

 

අපේ දෑඟිලි නොබැඳෙන බැවින්

මතු  යම් දිනෙක.....

උගුල්ලා පැළ කළෙමි එය

රළු බොරළු පොළොවක

රන් පැන් කෙණ්ඩියෙන්

වත් කළෙමි කඳුළු දිය

 

නිල්ල නෙළමින් විසල්

තුඟු රුකක් විගසින් ම

පණ ගසා වැඩුණි එය

අවසන හරිත පෑයෙන

කිසි දිනෙක නුඹ යළිදු

නොඑන බව දැන දැනම

 

වැළඳ ගමි සෙනෙහසින්

ඒ විසල් තුරු බඳ

මතක අමුණමි ඔබේ

ගිල්හෙනා තුරු පත් වලට

 

No comments:

Post a Comment