.........towards the stream of thoughts

Sunday, January 22, 2017

ක්‍රිසැන්තිමම් මල්





ලෝකේ තියෙන ලස්සනම මල් ජාතිය මොකක් ද ඩේවිස්?

රෝස!

 මම නම් හිතන්නේ ක්‍රිසැන්තිමම් මල් තමා ලස්සනම. ඒවගේ සුවඳත් මලේ පෙනුම වගේ ම මිහිරියි. කවදා හරි මම මනාලියක් වෙන දවසට ගෙනි යන්නේ ක්‍රිසැන්තිමම් මල් කළඹක්, මං මැරුණු දවසක මගේ මිනිය ළඟින් ක්‍රිසැන්තිමම් මල් වඩමක් තියෙනවා නම් මම හරිම ආසයි!

බෙත්! මොනවද මේ කියන මූසල කතා


වෙලාවකට මට බෙත්ව තේරුම් ගන්න අමාරුයි. කළුගලක් වගේ තද එයාගේ හදවත  වගේ එකපාරට මෙලෙක් වෙලා වැගිරෙන්නේ හරිම විස්මයජනක විදිහකට. ඒ ගුප්ත කමට හේතුව එයාගේ අසීමිත සංවේදී හිත කියල මට හිතෙනවා. 

                                             ****************

 එත් මේ හැම දෙයක්ම මුල ඉදන් පිළිවෙලට කතාවක් වගේ කියන්න ඕනේ . ලේඛකයෙක් නොවුණත් මේ කතාව ලියන්න මගේ හිත බල කළේ අවුරුදු ගණනාවක ඉදන්. දැන් අවුරුදු හැත්තෑවක මහල්ලෙක්. මේ හැම දේම පටන් ගත්තේ මිට අවුරුදු පනහකට විතර කලින්. සමහර මතකයන් හරියට කැමතිම චිත්‍රපටියක කැමතිම දර්ශනයක් වගේ. ඊට පස්සේ කොයිතරම් හැලහැප්පීම් ජිවිතේ සිද්ධ වුණත් ඒ විශේෂ මතකයන් ඒ විදිහටම හදවතේ ශේෂ වෙනවා.

ලන්ඩන් පාලමේ ගිටාර් එක ගහමින් ගීත ගැයුව මගේ  තාත්තට හැමදාම" රෝයල් වීව්"  හෝටලේ  පිළිගැනීමේ නිලධාරිනිය වුණු  මගේ රූමත් අම්මව මුණ ගැහෙන්නේ අවසානයේ ඒ හිතවත්කම ආදරයකට පෙරළලා . මම එයාලගේ දුප්පත්කමේ දුක් සුසුම් සහ ප්‍රේමයේ හසරැලි අතර හැදී වැඩුණු එකම දරුවා.

" පුතා ඩේවිස්  ගිටාර් වාදනය ඉගෙන ගන්න ලොකු ඉවසීමක් ඕනේ. කම්බි ඕනෙවට වඩා තද කළොත්  නිසි හඬ එන්නේ නැහැ . ඕනෙවට වඩා ලිහිල් කළත්  නිසි හඬ එන්නේ නැහැ . ඒක  කරන්න ඕනේ මධ්‍යම ප්‍රමාණයෙන්."  තාත්තගේ අවවාදය ජිවිතේට ම අදාලයි කියල මට පස්සේ තේරුණා .

බීතෝවන් රසික සමාජයෙන් සංවිධානය කරපු මහා සංගීත තරගාවලිය ! එක අපූරු අත්දැකීමක් . මං  තරග වැදුණේ  නව සංගීත නිර්මාණ අංශයෙන්. කකුල් දෙක සමබරව පොළොවේ තියලා හිටගන්න පුළුවන් වුනු දවසේ ඉදන් ගිටාර් , පියානෝ අස්සේ ජිවිතේ ගෙව්ව මට මේක අමුත්තක් නෙවෙයි. මම ම කුරුටු ගාගත්තු  පද වැලකට සංගීතය දාල ලෑස්ති වුණේ  තරගය දිනන්න තියෙන ආසාවට වඩා සංගීතයට තියෙන අසීමිත ලෙන්ගතුකම හින්දයි.

"එළිසබෙත් හචින්සන් "  සංගීත උත්සවය මෙහෙවයපු රූමත් තරුණිය. ඒ  අපේ පළවෙනි හමුවීම. වැඩි විස්තර ඕනේ නැහැ . එදා ඒ තරගෙන් පළවෙනි තැන ලැබුණේ  මට. පවුම් පනස්දාහක් කියන්නේ අවුරුදු විස්සක කොල්ලෙකුට මහමෙරක් තරම් වටින තෑග්ගක්. මීදුමයි , හිමයි  දුවිල්ලයි අස්සේ ජීවිතේ ගැටගහගන්න පොර කන මං වගේ කොල්ලෙකුට ඊට වඩා තෑග්ගක් තව තියෙනවද?

එළිසබෙත්ගේ  සියුමැලි කටහඩින් මගේ නම කියවෙනකොට මගේ සතුට දොරේ ගලන ගියේ ලන්ඩන්  පාලමටත්  උඩින් තේම්ස් ගඟ පිටාර ගැලුවා වගේ. බිතෝවන් රසික සමාජයේ සභාපති හචින්සන් සාමි, එයාගේ තාත්තා. මං  සාමිතුමාගෙන්  තෑග්ග අතට ගන්නකොට නොදැනීම වගේ මගේ ඇස්  නතර වුණේ  එලිසබෙත් ගාව. ඒ දිස්නේ දෙන ඇස අස්සේ අමුතු සතුටක් තිබුණු බව මට තේරුණේ  එයාගේ කම්මුල් වල ගැහිලා හිනාවක් මතුවුණු හින්දයි. 

උත්සවේ ඉවර වෙලා ගෙදර යන්න අපහු හැරෙනකොටම  කව්දෝ මගේ උරහිසෙන් අල්ලනවා වගේ තේරුණා.

හචින්සන් සාමි මං  ළගම ! එතුමාට පිටිපස්සෙන් සුරංගනාවියක් වගේ එලිසබෙත්. ඇයි දෙයියනේ මට මීට වඩා හොඳ ඇදුමක් අද ඇඳගෙන එන්න බැරි වුණේ?

" මගේ උණුසුම් සුබ පැතුම් දරුවා!"

"බොහොම ස්තුතියි සාමිතුමා" මට ලාවට ගොත ගැහුණා 

" එලිසබෙත් කැමතියි ඔයාගෙන් ගිටාර් වාදනය ඉගෙන ගන්න"

"මොකක්" ඒ පාර මගේ හුස්මත් හිර වුණා .

" ඇයි  මේ  දරුවා කැමති නැද්ද උගන්නන්න?"

" මම දුප්පත් කොල්ලෙක් සාමිතුමා , මන්දිර වල සංගීතේ උගන්වන්න මොකද්ද මට තියෙන සුදුසුකම?"

" අද අපි ඇස පනාපිට දැක්ක සුදුසුකම හොඳටම ඇති"

මම ඉතින් තව මොනවා කියන්නද? එදා ගිවිසගත්ත විදිහට මම එලිසබෙත්ට උගන්වන්න ගියා . පළවෙනි දවසෙ  එයා ගැන හිතේ  වුණු  කැමැත්ත  ආදරයක් බවට  පරිවර්තනය වුණා . නිදි නැති දවස් වල රෑ  තිස්සේ මන් කල්පනා කළේ  හචින්සන් මන්දිරයත් අපේ පුංචි පැලත් අතර තියෙන නොපෑහෙන පරතරය ගැන. මන් ගැන විස්වාසේ තිබ්බ සාමිතුමාට පිටුපාන්න මට බැහැ. මම තනියම වේදනා වින්දා. ඒ අතරේ තමයි මට ආරංචි වුණේ  යෝක්ෂයර් අදිපාදතුමාගේ  පුතා එලිසබෙත්ව ළගදීම  විවාහ කරගන්නවා කියල.

තමන් ආදරය කරන මලක් වෙන කෙනෙක් නෙළා  ගන්නවා නම් අමාරුවෙන් හරි හිත හදාගන්න පුළුවන්. එත් ඒ නෙළාගන්න විදිහ බලන්න තරම් ධෛර්යක්  මට තිබුනේ  නැහැ.

ඒ  නිසා මම  හචින්සන් මන්දිරයට යන එක නවත්තලා  දැම්මා. එලිසබෙත්ව දකින්න නැති වුණත්  හැමදාම පත්තරේ රාජකීය ඕපාදුප කොලමේ  එයාගේ සේයාරුවක් නොතිබුණු දිනයක් නැති තරම් . යෝක්ෂයර් කුමාරයයි එලිසබෙත් කුමරියයි අත්  පටලන් ඉන්න රූප  දකින කොට මගේ හිත කඩාවැටුණා. ඒත්  මොනවා කරන්නද? 

ජනවාරි මාසේ සීතල  දවසක පරණ බූට් සපත්තු දෙකත් දාගෙන මං   පැත්තට ඇවිදගෙන ගියේ පත්තරේ ගන්න අදහසින්. පොල්  ගෙඩි අකුරින් පත්තරේ  පළවෙලා  තිබුණු සිරස්තලය දකිනකොට මගේ ඇඟ  කිලිපොලාගෙන ගියා.

" එලිසබෙත් කුමරියට අනතුරකින් අසාධ්‍යයි.  "

" යෝක්ෂයර් කුමරා සමඟ සම්භාෂණයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී බරපතල රිය අනතුරකට මුහුණපා ඇති එලිසබෙත් කුමරිය මේ  විට අනතුරින් අසාධ්‍ය හා විරූපී තත්වයට පත්ව ඇති බව වාර්තා වේ. යෝක්ෂයර් කුමරු මේ නිසා   ඇයව හැර ගොස් ඇති බවද රාජකීය ආරංචිමාර්ග සඳහන් කරයි."


"මම නම් හිතන්නේ ක්‍රිසැන්තිමම් මල් තමා ලස්සනම. ඒවගේ සුවඳත් මලේ පෙනුම වගේ ම මිහිරියි. කවදා හරි මම මනාලියක් වෙන දවසට ගෙනි යන්නේ ක්‍රිසැන්තිමම් මල් කළඹක්, මං මැරුණු දවසක මගේ මිනිය ළඟින් ක්‍රිසැන්තිමම් මල් වඩමක් තියෙනවා නම් මම හරිම ආසයි!
ගිටාරය වයන අතරතුර ඇය  පැවසූ  වදනක් මගේ දෙසවන දෝංකාර දුණි . 


 එදින රෝයල් ට්‍රීට් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත අනවසරයෙන් කඩා වැදුණු  විසි හැවිරිදි තරුණයා මම වෙමි. ඇය  සමුගන්නා මොහොතේ ක්‍රිසන්තිමම්  මල් වල ඉමිහිරි සුවඳත් ප්‍රේමයේ සුසුවඳත්  විඳිමින්  දෙව්ලොව වෙත පියමන් කරනු ඇත.


Corinthians 13:4-13
 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. It does not dishonor others, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. Love does not delight in evil but rejoices with the truth. It always protects, always trusts, always hopes, always perseveres.