සරසවියේ තුන් වෙනි වසරත් නිමා වුණේ නොදැනීම වගේ. විභාගේ තියෙන දවස්, assignment දවස් හරි හෙමින් ඉබි ගමනින් ගෙවුණත් අනික් හැම දවසක්ම ගෙවෙන්නේ හිතා ගන්නත් බැරි තරම් විදුලි වේගයකින්.
"අය්යෝ මේ කරුමේ ඉක්මනින් ඉවර වෙනවා නම් හොඳයි " කියල තරහ ගිය වෙලාවල් වලට එපා වෙලා කිව්වට එකෙන් අදහස් කරන්නේ මේ පීඩාකාරී අධ්‍යාපනයට තියෙන අකමැත්ත මිසක් සරසවි ජීවිතේට තියෙන අකමැත්ත නෙවෙයි.
අවුරුදු තුන අවසානෙදි ආපහු හැරිලා බලද්දී ගොඩක් දේවල් හිතෙනවා. ලකුණු, විභාග සහ අවුරුදු හතර අවසානේ අතට ලැබෙන ගනකම වැඩි රෝල් කරපු කඩදාසියට වඩා ඒ කාලේ ඇතුළත අපි හම්බ කර ගත්තු යාලුවෝ ගොඩක් වටිනවා. ඒ මානව සම්බන්ධතා මුදලින් මනින්න බැහැ.
අන්තිමට මතකයේ හොදින්ම කා වැදිලා තියෙන්නේ බංකුවක් යට ඉදන් යාලුවෝ එක්ක කරපු සංවාද; දේශපාලනේ, සාහිත්‍ය, චිත්‍රපටි වගේ දේවල් ගැන වරු ගණන් වෙච්ච වාද විවාද, කැන්ටිමේ වරුවක් විතර පෝලිමේ ඉදල ඉදල කෑම කාපු හැටි, ජිම් එකේ badminton ගැහුව හැටි වගේ දේවල් තමයි.
කොහේදී හරි කියෙව්වා " ඔබ කොපමණ උත්සහ කරත් ජීවිතයේ කුමක් හෝ යමක් ඔබට හැමවිටම මග හැරෙනු ඇත කියල".
කැම්පස් ජීවිතේටත් ඒක අදාලයි. විශේෂයෙන්ම ගෙවල් වලින් ඈත් වෙලා බෝඩිමක හරි හොස්ටල් එකක හරි ජීවත් වෙනවා කියන්නනේ ගෙදර තියෙන ඒ සෙනෙහස, ලෙන්ගතුකම සහ උණුහුම , අම්මගේ පුරුදු රහ කෑම මේ හැම එකක්ම අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා කියන එකයි.ඒ අතින් ගෙවල් වල ඉදන් කැම්පස් එන ළමයි ගොඩක් වාසනාවන්තයි. කොළඹ එන්න කලින් හිටන් උන්නු දේවල් ගොඩක් මේ අවුරුදු තුන ඇතුලේ සංස්කරණය කරන්න වුණා. සමහර කොළඹ අය ගාව ගමේ මිනිස්සු ළඟ නැති හොඳ ගුණ ධර්ම තියෙන බව තේරුණා. පොඩි කාලේ අහල තිබ්බේ සහ වැඩිහිටියන් අපේ ඔලු වලට දාල තිබ්බේ " අහවල් පළාතේ මිනිස්සු හොඳ නැහැ" වගේ සාම්ප්‍රදායික කිසිම පදනමක් නැති හණමිටි කතා. ඒත් දැන් තේරෙනවා කෙනෙක්ගේ යහපත්කමට ඔහු ගේ ගම් පළාත බලපාන්නේ නැහැ කියල.
බෝඩින් ජීවිතේදී අපිත් එක්ක කාමරේ බෙදා ගන්න කෙනා නැත්තම් roommate හරිම වැදගත්. වර්ග අඩි කීපයක් ඇතුලේ තියෙන ඔක්සිජන් වල ඉදන් ගොඩක් දේවල් බෙදා හදා ගන්න වෙන්නේ ඒ කෙනා එක්ක. අපි ඉගෙන ගන්න විෂය ධාරාවට වැඩ වෙනස් විෂය ධාරාවක් ඉගෙන ගන්න කෙනෙක් roommate වුණහම තියෙන විනෝදෙ ගොඩක් වැඩියි. අපි පාඩම් කරන ජාති ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ ,ඒ ගොල්ලන්ට උගන්නන ජාති අපට දිරවන්නේ නැහැ. මේ දැන් මේක ලියද්දිත් cal, variable වගේ අමුතු වචන ඔලුව ඇතුළේ හොල්මන් කරනවා.
සමහරු ජනෙල් අරිනවට කැමතියි, සමහරු fan දානවට කැමති නැහැ. සමහරුන්ට ලයිට් දාල තියෙද්දී නින්ද යන්නේ නැහැ. ඔන්න ඔය වගේ නොගැලපීම් සහ ගැටුම් දහසකුත් එකක් තියෙනවා.
නමුත් බෝඩින් ජිවිතේ සුන්දරත්වය තමයි ඒ නොගැලපීම් වලට අනුවර්තනය වීම. අනිකාගේ සතුට වගේම, කෙලින් නොකිව්වා හිතේ අමාරුවක් තියෙනවනම් ඒක ඉවෙන් වගේ තේරුම් ගැනීම, දොර ලොක් කරගෙන ආසම සින්දු එකට කීම සහ නැටීම, නියපොතු හපාගෙන ක්‍රිකට් මැච් බැලීම, පැරදුණාම බැන බැන නිදා ගැනීම.:p .. මේ හැම එකක්ම අමරණීය මතකයක්.
සමහර දේවල්වල නියම වටිනාකම තේරෙන්නේ ඒවා අහිමි වුණාට පස්සේ. සරසවි ජීවිතත් එහෙමයි. එ හින්ද ඉතුරු වෙලා තියෙන්නේ ටික කාලයක් උනත් අධ්‍යාපනයට අමතරව ලස්සනම මතක අහුරක් අර ගෙන සරසවියට සමු දෙන්න පුළුවන් නම් එකයි සැබෑ සතුට සහ සාර්ථකත්වය.

No comments:
Post a Comment