.........towards the stream of thoughts

Tuesday, August 27, 2013

තේම්ස් නදී තෙර හිඳ ලියමි


තෙපළිය හැකි වී නම් එකදු වදනක්

තේම්ස් නදී කුමරිය

සොවින් මුමුණනු ඇත

පෙරදාක බැඳි පෙම් පුරාවත

බැස යන හිරු දෙස බලා ගත් වන ම

බැස යන අයුර නොහැඟුණ විලස

පාළු ගං තෙර හිඳ පෑළ දිග අහසට

නෙත් හෙළූ මොහොතක සෙනෙහස

ලන්ඩන් පාලමේ අඳුරු සෙවණැලි මතින්

පියෙන් පිය නඟා ගිය මතකය..

බිග්බෙන් කුළුණ පාමුල

ඔබේ රුව මතුවන තෙක්

පසු වන මිලි තත්පරයක් ම

සහශ්‍රකයක් වූ අරුමය

පරෙවියන් තටු සලන

හිම කිරම රස බැලූ වීදියේ

හිම කිරම සේ ම දිය වුණු

ප්‍රේමයක් ඇත අද නටබුන් ව

No comments:

Post a Comment