එදා දවස මට අද
වගේ මතකයි. සීත සෘතුවේ හිම කුණාටු නිසා මොස්කව් නුවර හැමෝම හිටියේ නොරිස්සුමෙන්.
හිම කබාය හොඳින් පෙරව ගෙන හිටිය හින්දා මට තද සීතලක් දැනුණෙ නැහැ. හැම නිවසක ම
ගිනි උදුන් දල්වලා තිබුණා. අපේ අශ්ව කරත්තෙ
සරසවියෙ ගේට්ටුව ගාව නැවැත්තුවා. මම ලහි ලහියේ කරත්තයෙන් බැහැලා මෆ්ලරයයි
තොප්පියයි සකස් කර ගත්තා. අත් මේස් වලට වැටුණ හිම පිහ දා ගෙන දේශන ශාලාව පැත්තට
යන්න හැරුණා විතරයි පිටුපසින් ගැඹුරු පිරිමි කට හඩක් ඇහුණා.
“සමාවෙන්න, ප්‍රධාන
දේශන ශාලාව තියෙන්නේ කොතන ද?
ඔහුට තිබුණෙ නළලට
වැටුණු අක්බමරු කෙහෙරැලි නිසා අඩවන් වුණු
දීප්තිමත් ඇස් දෙකක්. සිහින් දෙතොල් වලට යටින් ඝනකම් රැවුලක් තිබුණා.වයස විසි පහකට
වැඩ් නොවුණත් ඔහුගෙන් දිස් වුණේ
පරිණත,පෙනුමක්.ඔහු දැක්ක මොහොතෙ ම මගේ මතකයට නැඟුණේ ග්‍රීක දෙවියෙකු වන
ඇපලෝගේ හැඩ හුරුකම්.
“මාත් යන්නේ
එතැනට තමයි“.
“සමාජවාදය ගැන
දේශනය අහන්න“?
ඔහු ඇහුවෙ
තරමක් පුදුමයෙන් වගේ.
“ඔව්!“
“අහන්නත්
සන්තෝෂයි“
මම ඔහු දිහා
ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවා.
“මම දැක්කා ඔබ
ආ අශ්ව කරත්තය. ඔබ ධනවත් වංශවත් තැනැත්තියක් බව පැහැදිලියි. එවැනි කෙනෙක් සමාජවාදය
ගැන උනන්දුවක් දැක්වීම ම ලොකු දෙයක්“
“ආ... ඒක
නෙවෙයි. ඔයාගේ නම මොකක් ද?“
“නටාලියා,
“මම ඉවාන්“
“ඔන්න මේක
තමයි ප්‍රධාන දේශන ශාලාව,
“බොහොම
ස්තුතියි මඟ පෙන්නුවට“
ඔහු හිස පහත්
කරමින් කිව්වා. ඔහු දේශන ශාලාවෙ සෙනඟ අතර නොපෙනී ගියා.
මම උනන්දුවෙන්
බලා ගෙන හිටියේ දේශකයා වේදිකාවට නඟින තුරු. ඒත් එකපාරටම මගේ දෑස් අදහ ගන්න බැරි
වුණා.
ඒ ඔහු!
ඔහු දක්ෂ,චතුර
කථිකයෙක්. ඉවාන්ගෙ කතාවට හැමෝම වශීකෘත වෙලා හිටියෙ. ඔහු දැක්ක පළමු මොහොතෙම ඇති
වුණු පැහැදීම කතාව ඇහුවට පස්සෙ දෙගුණ තෙගුණ වුණා.කතාව අවසානයේ ඔහුට බොහෝ දෙනෙක්
සුබ පැතුවා. මාත් ඉවාන්ට කිව්වා මම ඔහුගේ අදහස් වලට ගොඩක් කැමති බව. ඉතින් එදා අපි
හොඳ යාළුවො වුණා.
ඉවානුයි මමයි
ඉන් පස්සෙ නිතරම මුණ ගැහුණා. අපටත් නොදැනී වගේ මිත්‍රත්වය ප්‍රේමයකට පෙරළුණා.
දෙවියනේ!!!ඉවාන්
මට එවපු කවි.. ඒවා හරිම ලස්සන හදවතට කා වදින ඒවා...
ස්ටෙප්ස් තණ
බිම සිසාරා හමා යන මද සුළඟක් වගේ ඉවාන්ගෙ වචන වල තිබුණෙ පුදුම ලෙන්ගතු සෞම්‍ය බවක්.
හැමදාම පොප්ලර් හෙවණෙ වාඩි වෙලා මම ඔහු මට ලියපු කවි කියෙව්වා.
ඉවාන්ගෙ වෛද්‍ය
උපාධිය අවසන් වුණු ගමන් මේ ගැන දෙමව්පියන්ට දන්වලා විවාහ වෙමු කියලා ඔහු කිව්වා.
ඔහු එච්චර මුදල් හදල් තිබුණ කෙනෙක් නෙවෙයි.
ඔය අතරෙදි තමයි ඉවාන්ට සමාජවාදී සංගමේ වැඩකට කියුබාවට යන්න
වුණේ.
“මම
රුසියාවෙන්, ඒ වගේම ඔයාගෙන් දවසකට හරි ඈත් වෙලා ඉන්න කැමති නෑ නටාලියා. ඒත් මට මේ
ගමන යන්න ම වෙනවා,
මම එකතු කරපු
රූබල් පනස් දාහ ඉවාන්ට දීලා පරිස්සමින් ගමන ගිහින් එන්න කිව්වා. අදට මාස හයක්
වෙනවා කිසිම ආරංචියක් නෑ!
රූමත් තරුණියක
වූ නටාලියා කඳුළු පිරි දෙනෙතින් සාදයේ තමා
සිටි මේසයේ රැස්ව සිටියවුන් දෙස බැලුවාය. මෙතෙක් වේලා නිහඬව සිටි ලෝරි මහතා
සාක්කුවෙන් ඡායාරූපයක් ඉවතට ගත්තේය.
“නටාලියා
ඔබ ඔය කියන්නේ මේ හාදයා ගැන ද?,
“ඔව් දෙවියනේ
මේ දම් පාට ලොම් කබායක් ඇඳ ගෙන ඉන්නේ මගෙ ඉවාන් තමයි,!!!!
“ඔහ්...
එහෙනම් මම හිතුවා හරි!
“ලෝරි මහත්මයා
කියන්න ඔබ ඔහු ගැන විස්තරයක් දන්නවද? තරුණිය කලබලයෙන් විමසුවාය.
“ඔහු දැන්
ඇමරිකාවෙ ප්‍රසිද්ධ ආකර කම්හල් හිමියෙක්. මට බොස්ටන් වලදි කීප වතාවක් මුණ ගැහිලා
තියෙනවා.මෑතකදි ධනවත් ඇමරිකානු තරුණියක්
එක්ක විවාහ වුණා. දැන් ඔහු පාවිච්චි කරන්නෙ පවෙල් සෙමිනිච් කියන නම!“
ලිව්වේ ධරණී
උපේකා වීරසේකර
good story
ReplyDeletethank you :)
Deleteහෆ්ෆා!! සල්ලි නිසා මිනිහෙක් වෙනස් වෙන හැටි!
ReplyDeletePeople are selfish + they lie,,,
ReplyDeleteshort story it too much short,quickly end =D
ReplyDeleteExcellent, as always! Keep it up sister!
ReplyDelete