.........towards the stream of thoughts

Tuesday, June 9, 2020

හැරී පෝටර් සහ කොරෝනා නිරෝධායන දවස් 1

එය හොග්වර්ට්ස් වලට නරක කාලයක් විය. මින් පෙර වෝල්ඩර්මෝට් නිසා හොග්වර්ට්ස් වල බියකරු දින උදා වී තිබුණද මෙය වඩාත් අසහනකාරී වකවානුවක් බව මායා ලෝකයට පසක් වෙමින් තිබිණි.
"මට නම් එපා වෙලා මෙහෙම හොග්වාට්ස් ඇතුලේ හිර වෙලා ඉදලා. හරියට කන්නවත් නෑ. හොග්ස්මීඩ් ගිහින් බටර් බියර් බොන්න තිබ්බනම්. හර්මොයිනි ,ඔයා මහ ලොකුවට පම්පෝරි ගැහුවා නේද ස්පෙල්ස් ගොඩක් දන්නව කියලා. මොනව හරි කරනවකො" රොන් කෑගැසුවේය.

" කට වහනවා. මේක වසංගතයක්. මැජික් වලින් විසඳන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඩම්බල්ඩොර් වගේ කෙනෙක් අපිව මෙහෙම එලියට යන්න නොදී හිර කරලා තියයි ද ඒ මැජික් එක පාවිච්චි නොකර." හර්මොයිනිට රොන් ගැන හටගත්තේ දැඩි කේන්තියකි. කුමක් සිදු වුණත් ඔහුගේ කෑදර කම අඩු නොවන හැටි!
එක දිගට නිරෝධායනය වීමෙන් කෝපයට පත් රොන් යළි ඇය දෙස හොරැහින් බලා කටහඬ අවදි කළේය.
"ඔයාගෙ පිස්සු ලොම් පිරිච්ච ඌරෙක් වගේ ඉන්න බළලගෙන් වෙන්න ඇති මේ කොවිඩ් 19 මායා ලෝකෙට එන්න ඇත්තෙ"

ස්කාර් එක මත සිද්ධාලේප ආලේප කළ හැරී ග්‍රිෆින්ඩොර් පොදු කාමරයට ඇතුලු වූයේ මේ කළබගෑනිය මැදය. ඔහුට මේ කෝලාහලය පැහැදිලව ඇසුණි.
"අයියෝ ඔයාලා මේ රණ්ඩුව දැන්වත් නවත්තනවද? මම අවුරුදු ගාණක් ප්‍රයිවෙට් ඩ්‍රයිව් එකේ හිර වෙලා හිටියේ ස්වයං නිරෝධායනය වුණා වගේ තමයි. ඒකෙන් නරකක් වුණාද? ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න"

"ඒක ඇත්ත. අපිට මේ පොඩි කාලෙට මෙහෙම අමාරු නම් අස්කබාන් වල අයට කොච්චර අමාරු ඇත්ද හිර වෙලා ඉන්න" හර්මියොනි කල්පනාකාරීව පැවසුවාය.
"කට පියාගෙන යනවා යන්න පණ්ඩිත ආච්චි"රොන් මාස්ක් එක ගළවා දමා ඉවතට යාමට සැරසුණේය.
මතු සම්බන්ධයි
@ ධරණී උපේකා වීරසේකර





No comments:

Post a Comment