.........towards the stream of thoughts

Tuesday, June 9, 2020

හැරී පෝටර් සහ නිරෝධායන දවස් සවැනි කොටස



නිවේදනයෙන් අනතුරුව තරමක් කැළඹීමට පත් හොග්වර්ට්ස් සිසුහු තම නිවාස කාමර වෙත ගමන් කරමින් සිටියහ. වසංගතයෙන් ආරක්ෂා වීම මෙන්ම වෝල්ඩ්මෝට්ගෙන් ආරක්ෂා වීමද එක සේ වැදගත් බව ඔවුහු දැන සිටියහ.

"හැරී,රොන්, මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා" හර්මොයිනි කටහඬ බාල කර පැවසුවාය.

"ඒ මොකද්ද ?" රොන් කුතුහලයෙන් විමසුවේය.

"පහුගිය දවස් ටිකේම මම මන්ත්ර පොත් ගොඩක් කියෙව්වා කියලා ඔයා දන්නවනෙ. ඉතින් මට හොයාගන්න පුලුවන් වුණා හොග්වර්ට්ස් වෛරස් එකෙන් බේරගන්න පුලුවන් ආරක්ෂාකාරී වශියක්. 1815දී වගේ මේ වශිය සූකර උණට පිළියමක් හැටියට යොදා ගෙන තියෙනවා. මම හිතන්නෙ මේක කොවිඩ් වලටත් හරියයි."

" හරි අපි උත්සහ කරලා බලමු. ඒක කරන විදිහ ඔයා දන්නවනෙ" හැරී පැවසුවේය.



" ඔව් මේක කරන්න ඕනෙ පොළොව මට්ටමේ ඉදන් අඩි 100ක් විතර උඩට ගිහින්. ඒකට අපට ක්විඩිච් ක්රීඩකයින්ගෙ උදව් ඕනෙ"

" හරි මම ඩම්බල්ඩෝර්ට කියලා කට්ටිය ලෑස්ති කරවන්නම්" හැරී පැවසුවේය.

" ඩම්බල්ඩෝර් මේ වශිය ගැන දන්නවා. මම මතක් කළාම එයා කිව්වෙ උත්සහ කරලා බලමු කියලා"

" හොඳයි එහෙනම් කිවිඩිච් ක්රීඩකයින් සේරටම මම එන්න කියන්න කියලා ඔලිවර් අතේ පණිවිඩයක් යවන්නම්" රොන් කීවේය.

මඳ වේලාවකට පසු සෙඩ්රික් ඩිගෝරි, චෝ චෑන්ග්, ජිනී වීස්ලි සහ නිවුන් සහෝදරයන්,රොජර් ඩේවිස්, ඩ්රැකෝ මැල්ෆෝයි සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ඇතුලු පිරිස පොදු කාමරයට එකතු විය. හර්මොයිනි වෛරසය මැඩ පවත්වන වශිය ක්රියාත්මක කරන අයුරු පියවරෙන් පියවර පැහැදිලි කරන අයුරු රොන් නිහඬව ආඩම්බරයෙන් බලා සිටියේය.

"මුලින්ම ඔයාලා ග්රින්ග්රොට්ස් බැංකුවේ ඔයාලගෙ වත්කම් ප්රමාණය හිතින් මවා ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒකෙන් භාගයක් මේ වසංගතය මැඩ පවත්වන්න යොදවනවා කියලා හිතන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාලගෙ මැජික් යෂ්ටිය වම් පැත්තට බර කරලා එක පාරම දකුණට එල්ල කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ මන්ත්රය හයියෙන් තුන් වතාවක් කියන්න ඕනෙ."
හර්මොයිනි මන්ත්රය කළු ලෑල්ලේ සටහන් කළාය.
"ප්රොටේගෝ හොරිබිලිස් සැනිටයටාරිස්" හරියට මේ මන්ත්රය උච්චාරණය කරන එක අනිවාර්යයයි.

"මට පොඩි ප්රශ්නයක් තියෙනවා මිස් ග්රේන්ජර්" සෙඩ්රික් සුරත එසවීය.

"ඒ මොකද්ද?"

" දැන් මේ ආරක්ෂාකාරී වශිය කරන්න යන කෙනෙක්ගෙ බැංකු වත්කමෙන් භාගයක් නැති වෙනවද?"

" අයියෝ නැහැ සෙඩ්රික් , ඔයාට එහෙම හිතලුවක් ඇති කරගන්න විතරයි තියෙන්නෙ. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. පොඩි මවා පෑමක් විතරයි."

මතු සම්බන්ධයි

©ධරණී උපේකා වීරසේකර

No comments:

Post a Comment