විහගෙකු විලස මහ අහස ගැබ
දුර ඈත කොදෙව්වක
ගිරි සිරස මත හිද
හඩ ගා කියන්නට
හැකි නම්
හිත මත තවම නලියන
ප්‍රේමයේ අරුම
මනරම්
ආදරේ සුලකළකුරු
වැල්ල මත කැටපත්
කරන්නට ඇත්නම්
අහිමි මුත් හිතෙන්
නොමැකෙන
නිසාවත් දැයි නොදනිම්
මේ පෙම දුක වුණත් රසවත්
ළහිරු කිරණක් ලෙසින්
එබෙන ඔබ සඳවත
රුහිරු ය මිය යන්න
පණ අදින හදවතට
සඳ කිදුරියේ දැන්
නික්මෙනා මොහොතය
අවසන් හුස්ම පොද
ගන්න ඔබ දෝතට
http://www.youtube.com/watch?v=ZRdlu6wcAOw

No comments:
Post a Comment