.........towards the stream of thoughts

Monday, December 30, 2013

මගේ හිතත් කියවන්න ( අට වන කොටස)

2014. 01. 06
වරණාසි

 ගංගා නම් ගඟ අසබඩ පෞරාණික දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට විශාල ජනකායක් රැස් කමින් සිටියේය.  සී news නාලිකාවට අයත් කහ පැහැති වෑන් රථයක් ගොඩනැගිල්ල අබියසට පැමිණි විට හඩ නගා තිරිංග තද කළේ කන් බිහිරි කරවන හඩක් නංවමිනි .  වෑන් රථයේ සිට ගොඩනැගිල්ලෙහි සවි කර තිබු සුවිසල් නාම පුවරුව දෙස රේඛා සිං දෙනෙත් යොමු කළාය.

මහාචාර්ය ආදිත්‍ය ශර්මා,
ප්‍රවීණ මනෝ උපදේශක,
අංක21/3,
ඇතුළු හරස් වීදිය,
වරණාසි.

රථයෙන් බිමට බට තරුණිය කැමරා කණ්ඩායම ද සමග සෙනග පීරාගෙන ගොඩනැගිල්ලට ඇතුළු වීමට නිරර්ථක උත්සහයක් දැරුවාය. ඇය වෙත රැස්ව සිටි ජනකායෙන් මහත් අප්‍රසාදයක් එල්ල විය.

'මැඩම් කරුණාකරලා පෝලිමේ එන්න" සෙනග හසුරවමින් සිටි තරුණයා ඇයට මදක් දැඩි ස්වරයෙන් කීවේය.

"මට විශේෂ appointment එකක් තියෙනවා. කරුණාකරලා මට යන්න දෙන්න" රේඛා සිං තම මාධ්‍යවේදී හැදුනුම්පත සහ කුඩා කුවිතාන්සියක් තරුණයාට පෙන්වමින් කීවාය.

"අපි පාන්දර පහේ ඉදන් මෙතන ඉන්නේ. නෝනලාගේ වැඩ හින්ද අදවත් එතුමාව හම්බවෙන්න වෙන්නේ නැහැ." මහලු කාන්තාවක් තරුණිය දෙස බලමින් කීවාය.

" පොඩ්ඩක් කලබල කරන නැතුව ඔහොම්මම  ඉන්න. මම මහාචාර්යතුමාට කියන්නම්.එතුමා අවසර දුන්නොත් වැඩිය අවුල් නොකර පෝලිමෙන් පිට පැනලා එන්න. මං ඉක්මනට එන්නම්" යැයි කියූ තරුණයා ගොඩනැගිල්ල තුළට අතුරුදහන් වීය.

ඔහු මිනිත්තු පහකින් පසුව  ආපසු පැමිණියේ සිනාමුසු මුහුණිනි.

"මැඩම්ගේ වාසනාව හොඳයි. මහාචාර්යතුමා කැමතියි programme එක කරනවට. හැබැයි සෙනග නම් ආපහු හරවලා යවන්න බැහැ කිව්වා"

"ආහ්හ් එකට කමක් නැහැ! බොහොම ස්තුතියි" රේඛාගේ මුහුණ ප්‍රීතියෙන් බැබලුණි.

Camera rolling! Action!                    

"  තවත් කෙනෙකුගේ සිත කියවීම සාමාන්‍ය දෙයක් නොවෙයි. ඒ සදහා අසීමිත චිත්ත බලයක් තිබිය යුතුය යන්නයි අප සියළු දෙනාගේම විශ්වාසය. පසුගිය මාස කිහිපය ඇතුළත ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම  අවධානය දිනා ගත පුද්ගලයෙක් සිටිනවා. ඔහු නමින් මහාචාර්ය ආදිත්‍ය ශර්මා. මනෝඋපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ඔහු තමා හමුවීමට එන පුද්ගලයින්ගේ සිතේ ඇති දේවල් සීයට සීයක් නිවැරදිව පවසන බවයි අපට දැනගන්න ලැබුණේ. ඔහු සිය උපදෙස් ලබාදෙන්නේ මෙම සූක්ෂම සිත් කියවීමෙන් අනතුරුවලු. ඉතින් අද සී news නාලිකාවේ මම ඇවිත් ඉන්නේ වරණාසි වල ඔහුගේ කාර්යාලය ඉදිරිපිටට. හැමදාමත් සත්‍ය සොයා ඒ ගැන ජනතාව දැනුවත් කරන "සත්‍ය ගවේෂි" වැඩසටහන තුළින් අප මේ සුදානම් වන්නේ ඔහු මේ හාස්කම සිදු කරන්නේ කෙසේද කියා සොයා බැලීමටයි. මද විරාමයකින් පසුව නැවතත් හමුවෙමු. රැඳී සිටින්න අප සමග!"


මතු සම්බන්ධයි....................



 

No comments:

Post a Comment