.........towards the stream of thoughts

Wednesday, June 6, 2012

කවි


ගිම්හාන ඉසිඹුව නිම වන්නත් කලින්
කිමද මේ අනෝරා මහ වැස්ස
බියකරු වෙසින් එන සීතලම සුළඟට
හිරිගඩු පිපෙයි සියොළඟම

නෑඹුල් සුවඳ නොමැකුණ
බරැති නීති පුස්තක තොගය
නෙත් පියා තවම සුව නින්දේය

හුරු පුරුදු අරණ අත හැර
වේරංජා නුවර වස් වසමි
මහමෙරක් වන් ප්‍රඥාව
සැණෙකින් පහළ වනු රිසියෙන

 
මලක් වී කෙලෙස පිපෙමි ද
ගලක් වන් රළු පොළොවක
සඳක් සේ කෙලෙස නැගෙමි ද
අමාවක අඳුරු රැයකට

 

 

 

 

9 comments:

  1. මහමෙරක් වන් ප්‍රඥාව

    සැණෙකින් පහළ වනු රිසියෙන

    true.. :)

    ReplyDelete
  2. ඉරි තැලී වියැලුනු
    කාශ්ඨක මහ පොළොවේ
    මලක් වී පිපෙන්නට
    වෙර දරන සොයුරියේ
    උත්සහ අත්නොහැර
    හිතට තව දිරි ගන්න
    අද නැතත් හෙට දිනේ
    පිපේ ඔබ මලක් සේ....

    good job Dharanee.. keep it up.. I also started my blog during my exams last year.. maybe this is a good way to reduce the exam stress.. :)

    ReplyDelete
    Replies
    1. thanks a lot akki...Your poem is also very nice.. i will determine to do it in my level best..thanks again :)

      Delete
  3. අයං වස්සාන කාලෝ........

    ReplyDelete
  4. patta , pata pata , I like it

    ReplyDelete