.........towards the stream of thoughts

Thursday, January 2, 2014

මගේ හිතත් කියවන්න (අවසන් කොටස)

බැස යන රන් පැහැ හිරු රැස් වලින් ආලෝකමත් වූ ඉන්දියා ගේට් ඉතා අලංකාරව දුරට දිස් විය.
සෙනග අඩු තැනක දී රියෙන් බට ආදිත්‍ය ශර්මා අංජලීට ඉන් බැසීමට දොර විවර කළේය.

සාකච්ඡාවක් ගැන කීවද ආදිත්‍ය එවන් අවස්ථාවකට නොගැළපෙන අන්දමේ සැහැල්ලු ඇඳුමක් ඇද සිටීම ද අංජලී තුළ සැකයක් ජනිත කළේය.

"ආදිත්‍ය ඇයි මේ?"

" සමාවෙන්න අංජලී. මන් බොරුවක් කිව්වේ. අද එහෙම සාකච්ඡාවක් නැහැ. මට ඕනේ වුණේ නිස්කලංකව ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එහෙම දෙයක් කිව්වේ නැත්තම් ඔයාව ගෙදරින් පිටට එක්කන් එන්න බැරි වෙයි කියල හිතුණා  "

සුළගින් ඇවිස්සුණු කෙහෙරැළි අතින් සැකසූ අංජලී ඔහු දෙස විස්මයෙන් මහත් වූ දෑසින් බලා සිටියාය.

"ඇත්තෙන්ම මේ තරම් විශාල  සොයා ගැනීමක් කළාට ඒක ලෝකෙට ඉදිරිපත් කරන්න ඕනේ විදිහක් ගැන මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඔයා තමයි කිව්වේ වරණාසි වලට ගිහින් මනෝ උපදේශකයෙක්  හැටියට මේ යන්තරේ ප්‍රයෝජනයට ගත්තොත් ලෝකේ අවධානය මං දිහාට යොමු වෙයි කියලා. ඔය නොහිටින්න මන් නිකම්ම නිකන් විද්‍යාඥයෙක්. මේ ගෞරවයෙන් භාගයක් හිමි වෙන්න ඕනේ ඔයාට. මේකට මං කොහොම ස්තුති කරන්නද?"

"අයියෝ ඉතින් හරි! ඕක හැම තිස්සෙම කියවන්න ඕනේ නැහැ. හැම interview එකකදීම ඕක කිව්වනේ ලෝකෙටම ඇහෙන්න. දැන් මිනිස්සුන්ට ඔය කතාව අහලම එපා වෙලා ඇති"  ඇය සිනාමුසු ව කීවාය

සැදෑ අඳුර පරයමින් දැල්වුණු වීදි ලාම්පු එලිය ආදිත්‍යගේ උපැස් යුවළ මතට පතිත විය. ඔහුගේ දෑස් මෙතරම් බබළන්නේ එනිසා යැයි අංජලී සිතුවාය.

"මට සමාවෙන්න යන්ත්‍රය ලෝකය පිළිගන්න තෙක් ම මට බැරි වුන ඒක ඔයාට බලන්න දෙන්න"

"එකට නම් මගෙන් කිසිම සමාවක් නැහැ මහාචාර්යතුමා . මන් කොච්චර බැගෑපත් වෙලා ඉල්ලුවද එකම ඒක වතාවක් ඔය යන්තරෙන් ඔයාගේ හිත කියවලා බලන්න මට ඉඩ දෙන්න කියල? බැහැ ම කිව්වා! අඩුමගානේ මම කිව්වා මගේ හිත කියවලා පෙන්නන්න කියල. ඒකට කැමැති වුනෙත් නැහැ. ඒකට මොකද  වරණාසි ගීහින් නාදුනන මිනිස්සු සිය ගාණක හිත කියෙව්වා!"

" ඒකට හේතුව දන්නවනම් ඔය කවදාවත් මට මෙහෙම දොස් කියන එකක් නැහැ"

"ඔව් ඉතින් දැන් මොකක් හරි බොරු හේතුවක් කියයි"

"අංජලී, ඔයා දන්නවද දැන් ලෝකෙ කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ යන්ත්‍රය, අනික...."

"අනික?"

" අනික තමයි මං මේ කරන්නේ. ඔයාගේ හිත කියවන්න මට මන් හදපු යකඩ ගොඩ ඕනේ නැහැ අංජලී! මේක කියාගන්න බැරුව මං කොච්චර දුක් වින්දද? Anjali I love you! Will you marry me?"

ආදිත්‍ය India gate පසු කර යන ජනකාය නොතකා ඇයගේ දෙනෙත් දෙස බලමින් මහ මඟ දණ ගැසුවේය. මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි රතු  මල් පොකුරක් අංජලීගේ දෑත මත රැදුණේ අගේ විස්මය දෙගුණ තෙගුණ කරමිනි.

" දෙවියනේ...ආදිත්‍ය, නැගිටින්න මිනිස්සුත් බලාගෙන.."


"මුළු ලෝකෙටම මගේ සොයාගැනීම් බලන්න හොඳ නම් මගේ ආදරය දැක්කහම මොනවා වෙනවද?  මට ඔයාගේ  උත්තරය කියන්න, එතකොට මන් නැගිටින්නම් "

"එක පාරටම Will you marry me... don't you wanna test me as your girl friend?" අංජලී ඇසුවාය.

"I am a scientist , I don't come to conclusions without enough tests! and this is more than enough! සමහර දේවල් අඩු වයසින් කරන්න ඕනේ. අවුරුදු විසිඅටෙන්  මහාචාර්ය වුනු එකේ  විවාහ වෙන එක ප්‍රමාද කරන්නේ ඇයි?" ඔහුගේ මුහුණේ දගකාර සිනහව ඇදී තිබුණේ සිතුවමක් පරිද්දෙනි.

"Sorry I don't love you!"

ආදිත්‍යගේ ප්‍රීතිමත් මුහණ සැණෙකින් අදුරු විය.

"I don't JUST love you! I love you FOREVER! till my last breath!"

හොඳ වෙලාවට මගේ හෘදය වස්තුවෙ ලෙඩක් නැහැ. තව පොඩ්ඩෙන් heart attack!"

ඇයව තදින් වැළඳ ගන්නා අතරතුර ඔහු කණට නෑසෙන තරම් සිහින් ස්වරයෙන් මිමිණුවේය.

සමාප්තයි!



 

No comments:

Post a Comment