අවසරයි නුඹෙන්
සමු ගන්නට
චෙරි මල්
සකුරා මල් පිපුණු
වසන්තය අදින් අවසන්ය....
කළු කිමෝනාවට
වැටුණු
හිම කැටිත්තක්
සේ
අතුරුදහන්
වෙමි මම
යලි නොඑන්න ම
කමකුරා වෙහෙර
ළඟ
ඔබ නැඟූ මදහස
තවමත් සිත්
බිතේ
ඇඳී ඇත නොවෙනස්ව
පූජියාමා කන්ද
දැක
මා සිහි
කරමින් නොහඬන්න
මට හුරුයි පුරුදුයි
රිදුම් දෙන
වේදනා ලෝදිය
හ්ම්ම්...... ජපන් විදිහට සමුගන්න වගේ යන්නේ... ඒ මොකෝ???
ReplyDelete:P ai Honda nedda?
ReplyDeleteමෙම කව මගේ බ්ලොග් අඩවියේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා සටහනට ඇතුළත් කරන්නට තරම් සුදුසු යැයි හැඟුනු නිසයි ඔබට ඒ සඳහා එහි ලියන්න කිවුවේ. මම කැමතියි මේ කවට බොහොම....
ReplyDeletehttp://www.yasanathsithuwili.blogspot.com/
ReplyDeletehttp://yasanathsithuwili.blogspot.com/2013/02/blog-post.html