.........towards the stream of thoughts

Tuesday, October 9, 2012

සිහින පියාපත්


 

 

දිවි බරින් මිරිකුණ
පසෙක ලා ගමන් පැස
පියාපතක් සේ දුරක
පාව යමි සිහින විජිතයට

සොඳුරු යැයි සිතුවොත්
අමිහිරක් නොමැති ජීවිතය
ගෙත්තමක් වැනිය නෙක
කඳුළු ලියකමින් හැඩ වුණ

සිනහවේ පැහැ තවරා
මකා ලමි තද දුකඳුර
නෙත් කෙවෙනි අග මැවෙන සිහිනයට
ඉදින් දැන් අවසරය

 

4 comments:

  1. හරිම ලස්සනයි ධරනී. ජීවිතේ සැහැල්ලුවෙන් භාර ගන්නවා නම් ඒ තරම් අමාරු නැ තමා..

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්..පිහාටුවක්‌ වගේ සැහැල්ලු ජිවිතයක්...මගෙත් එකම සිහිනය....

    ReplyDelete
  3. nice.. bt, do not let the wind to take u like a feather. u decide ur destination.. :P

    ReplyDelete
  4. සොඳුරු යැයි සිතුවොත්
    අමිහිරක් නොමැති ජීවිතය :)

    ReplyDelete