.........towards the stream of thoughts

Saturday, December 1, 2012

උදුවප් සීත




උදුවප් මහ ඒක් අදුරු රාත්‍රියක

සීතල හිම මත උණු කදුළු රන්දා

නික්ම ගිය අරුමය ඔබ

මඟ හසර දැන ගන්න

තරු ලකුණකුදු නැති සද

ලුහුබදිමි කැටි ගැසුණු

හිම මත රැදුණු පිය සටහන්

 පුන් සඳ ඇවිත් සිනා සෙත්දෙන්

අමාවක ළඟ බැව් මම දනිමි

වසා ලමි කවුළුව

ඒමතින් ඇද ලමි තිරපට

ඉතින් දැන් ඉඩ නැත

අනාරාධිත සඳ කිරණට

අඳුරු බව සැබවි මේ කුටිය

නමුදු පෙම් බඳිමි ඒ අඳුරට

 

3 comments:

  1. හරිම ලස්සන කවි කතාවක්!
    // අඳුරු බව සැබවි මේ කුටිය
    නමුදු පෙම් බඳිමි ඒ අඳුරට//
    බලාගෙන ගිහාම හැමෝම අඳුරට පෙම් බඳින මිනිස්සු....

    ReplyDelete
  2. අමාවක ළඟ බැව් මම දනිමි

    වසා ලමි කවුළුව

    ඒමතින් ඇද ලමි තිරපට

    ඉතින් දැන් ඉඩ නැත
    අනාරාධිත සඳ කිරණට....ලස්සන පද ගෙත්තමක් ධාරා :)

    ReplyDelete