අවුරුදු හතක් කියන්නේ මිනිහෙක්ගේ ජීවිත කාලෙන් සෑහෙන කොටසක්. ශිෂත්වේ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන්කමක් තියෙද්දිත් ගෙදරට එහා පැත්තේ තිබ්බ ඉස්කෝලෙට යන්න හිත දුන්නේ මොකද කියන එක තාමත් මට ලිහා ගන්න බැරි ගැටළුවක් . ඒත් ඒ තීරණය ගැන මම අද වෙන කවදාටත් වඩා සන්තෝස වෙනවා. රටේ ලෝකේ වෙන දේවල් ගැන ඇති තරම් ලිව්වත් අවුරුදු හතක තිස්සේ අකුරු කරපු පාසල ගැන මොනවත් නොලියා ඉන්නවනම් ඒක ගුණමකු කමක් හැටියටයි මට පෙනෙන්නේ . ඉතින් මගේ විදුහලේ උපන්දිනය වෙනුවෙන් ලියන මේ අතිශය පෞද්ගලික සටහන මෙය කියවන පාඨකයින් කාරුණිකව ඉවසනු ඇති .
අවුරුදු දහය යන්තම් ගෙවුණු පුංචි ළමයෙක් හැටියට පාසල් ගේට්ටුවෙන් ඇතුලට ගිය පලවෙනි දවස මට අද වගේ මතකයි. ඒ වෙනකොට දහදෙනෙක් ඉස්සරහවත් කතා කරන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ. මට පුළුවන් මොනවද බැරි මොනවද කියලවත් ජිවිතේ අවුරුදු දහයක් ගෙවිල තිබුනත් මම අදුනගෙන තිබුනේ නැහැ.
ඒ පලවෙනි දවසේ නැහැයට දැනුණු සෞම්‍ය අරලිය මල් සුවඳ තාමත් ඉස්කෝලේ සිහි කරන හැම වෙලාවකම මට දැනෙන්නේ මොකක් හරි හාස්කමක් හින්දා වෙන්න ඇති. සත්කෝරලයේ පහන් තරුව නමින් හඳුන්වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය! ඒ බෝර්ඩ් එකේ අකුරු මට තවම ඒ විදිහට මතකයි
හා හා පුරා කියල කුරුටු ගාපු හුරතල් බොළඳ කවි වලට ඉඩක් දුන්න පහන් තරුව පාසල් සඟරාවට මම තාමත් ණය ගැතියි. ඒක නොතියෙන්න ඊට පස්සේ මගේ අතින් කිසිවක් නොලියවෙන්න තිබුණා. රටේ අනික් ඉස්කෝල වල ළමයි එක්ක කරට කර සටන් වැදිලා සහතිකයක් දිනා ගෙන ආවහම එකේ තිබුන රතු පාට සීල් එකටත්, ලස්සන අකුරෙන් ලියල තිබුණු තමන්ගේ නමටවත් නෙමෙයි මගේ හිත ගියේ. සහතික කියන්නේ කාර්ඩ් බෝර්ඩ් , සම්මාන කියන්නේ ලී කොට හරි පිත්තල කෑලි. ඒක ඉස්කෝලෙට අරන් දුන්න දිනුමක් නිසා ඇතිවෙන සන්තෝසේ ඒ සේරටම වඩා බරින් වැඩියි.
අපි අහල තිබුනේ කොළඹට කිරි ගමට කැකිරි කියලයි. එත් ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ජාතික පාසල් වලට අදුන්වා දුන්න පලවෙනි පියවරට අපේ පාසැල බය නැතිව අඩිය තිබ්බේ සමහර ලොකු ඉස්කෝලත් පසු බාමින් සිටිද්දී .හරියට පෙලපොතක් නැතුව සිංහල අච්චු පොත් වල පරිච්ඡේද ගුරුවන් එක්ක හරි හරියට ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් අපි ගත්ත මහන්සිය ඒ දවස්වල අපේ පන්තියේ හිටිය යාලුවන්ට තාමත් මතක ඇති.
හැම අඟහරුවාදාම උදේ පැයකට වැඩිය දිග්ගැස්සෙන රැස්වීම හිටගෙන හිටිය අනුහසින්ද කොහෙද දැන් ඕනේ වෙලාවක් හිටගෙන ඉන්න හයිය තියෙනවා. අක්කර ගානක් ලොකු පාසල් භූමියේ එහා මෙහා ගිහින් තියෙන පුරුද්ද නිසා අපේ ඉස්කෝලේ අයට පයින් යන එක අදටත් එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ දවස්වල අපි යෝජනා කලේ ඉස්කෝලේ ඇතුලේ බස් සේවයක් දාන්න ඕනේ කියල. ආදී සිසු සෙවන හරියේ ඉදන් කෘෂිකර්ම කාමරේට යනකොට මුල් දවස් වල හති!
මන් ජිවිතේ වටිනාම පොත් ප්‍රමාණයක් කියෙව්වේ ඉස්කෝලේ පුස්තකාලෙන්. කහ පාට කාර්ඩ් එක ඉවර වෙලා ආයේ තව හතරක් පහක් ඉවර වෙනකන් පොත් කියෙව්වා .පොඩි කාලේ අපිට තහනම් නවකතා රාක්කේ පොත් හොරෙන් කියෙව්ව හැටි තාම මතකයි. ලස්සන රූප එක්ක තිබ්බ ටින් ටින් පොත් සෙට් එක පාතම රාක්කේ තිබ්බේ. ඩේස් එකේ බක්කිය යට හොරෙන් තියාගෙන ෂර්ලොක් හෝම්ස් පොත් කියක් කියවන්න ඇද්ද ?
සබකොලේ එලවා දාන්න අත්වැලක් වුනු ඉස්කෝලේ ලී වේදිකාවේ අපේ පිය සටහන් අද වෙනකොට මැකිලා ඇති . ඉස්සර අපි ඒ වේදිකාව මත ඉදන් ගැයූ ගීත, රඟපෑ නාට්‍ය වල මතකය අමතක කරන්න බැහැ.
හිරු කුමරුන් එබිකම් කර හිනැහෙයි
පිනිබර තුරු නැළවේ
මනහර කෙත්වතු ඕවිටි අසලින්
විහගුන් නද මතු වේ /
දිගු මග ගෙවමින් හද පිරි සතොසින්
මැදි විදුහල් පියසේ
සපැමිණි මැතිදුන් දැක මල් කැකුළුද
මැද සුළගේ ලෙල දේ
එදා මම කලා උළෙලට ලිව්ව පිළිගැනීමේ ගීතය, යාලුවෝ එක්ක සංගීත කාමරේදී පුරුදු වුණු හැටි තාමත් මතකයි ..
වැහි දවස්වල සපත්තු වෙලුනේ නැති කොට බොරුවට කකුලේ ප්ලාස්ටර් ගහගෙන ආව හැටි, කවුරුත් නැති වෙලේ අරලිය ගස් වලට නැග්ග හැටි, ගුරු නිවාසේ ළඟ අඹ ගහට පොලු ගහපු හැටි අමතක කරන්නේ කොහොමද?
හිරු කුමරුන් එබිකම් කර හිනැහෙයි
පිනිබර තුරු නැළවේ
මනහර කෙත්වතු ඕවිටි අසලින්
විහගුන් නද මතු වේ /
දිගු මග ගෙවමින් හද පිරි සතොසින්
මැදි විදුහල් පියසේ
සපැමිණි මැතිදුන් දැක මල් කැකුළුද
මැද සුළගේ ලෙල දේ
එදා මම කලා උළෙලට ලිව්ව පිළිගැනීමේ ගීතය, යාලුවෝ එක්ක සංගීත කාමරේදී පුරුදු වුණු හැටි තාමත් මතකයි ..
වැහි දවස්වල සපත්තු වෙලුනේ නැති කොට බොරුවට කකුලේ ප්ලාස්ටර් ගහගෙන ආව හැටි, කවුරුත් නැති වෙලේ අරලිය ගස් වලට නැග්ග හැටි, ගුරු නිවාසේ ළඟ අඹ ගහට පොලු ගහපු හැටි අමතක කරන්නේ කොහොමද?
අත නළල උඩ නෙලුම් පොහොට්ටුවක් වගේ තියාගෙන ඇස් පියාගෙන වදින්නයි ඉස්කෝලෙන් අපිට පුරුදු කලේ. වැලමිට ගාවින් වේදනාවක් එද්දී හොරෙන් ඇස් ඇරලා ටීචර් නැත්තම් අත පල්ලෙහට ගත්තු ඒ සුන්දර මතකයන් තාමත් අපි ළඟ. පෙරහැර දවස් වලට ඒක ඉවර වෙලා සවරන් කොඩි සේසත් ඔහේ අරන් පන්සලේ ඉදන් දුවගෙන ඉස්කෝලෙට එන හැටි මතක් කරද්දීත් හිනා යනවා.
දිග රත්තරන් පාට පන්ති නායක බැජ් එකේ ඉදන් සිල්වර් පාටට දිස්නේ දෙන ශිෂ්‍ය නායක බැජ් එක දක්වා හැම දේකින්ම නායකත්වය පුරුදු පුහුණු කලේ මැදි විදුහල් මාතාව තමයි . ප්‍රතිපල වල පිරිලා තිබුණු A අකුරු වලින් එහාට ගිය හැම දෙයක්ම මුලින්ම කියල දුන්නෙත් මේ පින්බිමයි.
දිග රත්තරන් පාට පන්ති නායක බැජ් එකේ ඉදන් සිල්වර් පාටට දිස්නේ දෙන ශිෂ්‍ය නායක බැජ් එක දක්වා හැම දේකින්ම නායකත්වය පුරුදු පුහුණු කලේ මැදි විදුහල් මාතාව තමයි . ප්‍රතිපල වල පිරිලා තිබුණු A අකුරු වලින් එහාට ගිය හැම දෙයක්ම මුලින්ම කියල දුන්නෙත් මේ පින්බිමයි.
ක්‍රීඩා උත්සවය කාලෙට යාලුවෝ එක්ක හැම නිවාසෙකම සංචාරේ යන එක හරිම විනෝදයි. හට් එක හදන දවස්වල පිදුරුයි කොහුබතුයි එක්ක තමා දවස ගෙවෙන්නේ. රාජසිංහ- ජරාසිංහ , පරාක්‍රම- පරාජය , තිස්සට- පිස්සු වගේ සටන් පාඨ වලින් යාලුවන්ව අවුස්සන්න හොඳම කාලේ ඒක. මේ පිට්ටනියේ අපි කොයි තරම් දුව පැන ඇවිදලා ඇත්ද?ගැහැණු පිරිමි භේදයක් නැතුව අපි සහෝදරත්වයෙන් හිටිය ඒ කාලේ මතක් වෙනකොට ඇහැට නැගෙන මේ කඳුළු වලක්වන්න බැරි තරම්.
මේ ලියවෙන අකුරු ලියවෙන්නේ අතින් නෙවෙයි හදවතින් කිව්වොත් මම නිවැරදියි .මීට අවුරුදු දහයකට විතර කලින් ඉස්කෝලේ වෙනුවෙන් ලිව්ව මේ කවිය මතකෙන් ආයේ පල කරන්නේ සමහර හැගීම් කියා නිම කරන්න බැරි බව දැන දැනමයි.
හුරතල් බොළඳ විය කඩයිම පැන නිවසේ
පුරවර දිලුණු විදු බිම පා නැගි දවසේ
පිරිවර සිනා හෙට ලොව ජය ගැන පැවසේ
පෙරඹර නැගුණු හිරු මල දෙනයන ගැවසේ
අරලිය මලින් ගැවසුණු අරලිය යාය යි
හුරතල් බොළඳ විය කඩයිම පැන නිවසේ
පුරවර දිලුණු විදු බිම පා නැගි දවසේ
පිරිවර සිනා හෙට ලොව ජය ගැන පැවසේ
පෙරඹර නැගුණු හිරු මල දෙනයන ගැවසේ
අරලිය මලින් ගැවසුණු අරලිය යාය යි
යන එන දනන්ගේ මුව මදහස පායයි
මහනෙල් පොකුණ අසලක තෙමහල් පායයි
මහනෙල් පොකුණ අසලක තෙමහල් පායයි
අසිරිය දකින්නට නිරතුරු සඳ පායයි
සිප් හල් තිබෙයි නොයෙකුත් මේ පුරවරයේ
නොමැතිය සිප් හලක් මැදි විදුහල සරියේ
සැමවිට විකුම් පා ජය දද නැන්වුයේ
දිදුලන මිණිපහන ඔබමය පුරවරයේ
සිප් හල් තිබෙයි නොයෙකුත් මේ පුරවරයේ
නොමැතිය සිප් හලක් මැදි විදුහල සරියේ
සැමවිට විකුම් පා ජය දද නැන්වුයේ
දිදුලන මිණිපහන ඔබමය පුරවරයේ
@ ධරණී උපේකා වීරසේකර
No comments:
Post a Comment