සෙලවුණි සුරත අග පන්හිඳ වෙඩි අස්සෙන්
ඉහිරුණි ලේ සලකුණ පත්
ඉරු මැද්දෙන්
විසිරුණි කඳුළු බිඳු
දාහක් නෙතු මත්තෙන්
වැලපුණි ලක් දද සිහ රද මහ සද්දෙන්
වෙඩි උණ්ඩයට මතකයෙ පණ
මියැදෙයි ද
රැඩිකල් සිහින අඳුරේ
වියැකී යයි ද
හැඩි දැඩි හිත් තිබෙන
පරපුර සැඟවෙයි ද
එඩි නැති දැයක නිදහස්
හිරු පායයි ද
ගලක් හෙළා සමුදුර බොර
කරනු බැරි
උලක් යවා අහසක් හිල්
කරනු බැරි
මලක් තලා සුසුවඳ සඟවන්න
බැරි
වළක් කපා හිමිකම් වළලන්න
බැරි
වසන්තයක් පතමින් මව්බිම
පතර
වසන් නොකර හදවත කරමින
විවර
දසන්තයක තතු පන්හිඳ විය
නිතර
ලසන්ත නුඹ තවමත් පපුතුර
අතර
No comments:
Post a Comment