.........towards the stream of thoughts

Friday, October 11, 2013

ඔබයි සමනල සංධ්වනිය

කිසිදාක නොවැයූ
ප්රේමයේ සුහුඹුල් තනුව
සුසර කර හද වෙණ තත්
වයන්නට ඇඟිලි තුඩු පැකිලෙන...

වදුලු මල් ගොමු අතරින්
කදුළු දිය වෑස්සෙන
මගේ ම නොවූ මගේ ම ආදරය
ඔබයි සමනල සංධ්වනිය

සමනල තටු ගැහෙන ඉසියුම් ම සර
කෙලෙස නම් වැටහේද
විසල් හඬටම හුරු වුණ
ඔය සවන් පත් වලට

No comments:

Post a Comment