හඬන අහසෙහි රිදෙන පාරවන සිත් රිදුම
වැටෙන වැහි දියත්තක මුහු කර එවන්නෙද
වසා ගෙන සිනිදු සුදු මිහිදුමක් සේ සුමට
ඇදෙන්නේ අහස් කත හෙළන සුසුමන් නොවෙද
බිම බලා ගෙන සඳටත් හොරෙන් ඉකිබිදින
වලාකුළු දනී නුබ ගැබෙහි පෙම් පුරාණය...
දෑත් විදහාලන්න නොහැකිමුත් බෝ උසට
පොලව හැමදාමත් ආදරෙයි අහසට
අතට අහු වෙන මතක හැම එකම වීසි කර
කොහේ හෝ කොදෙව්වක දුර ඈත දනව්වක
නෙතු පියා ගෙන තදින් මා එක්ක මා නැතිව
ඉහෙන මේ වැස්සට නුඹ තෙමෙන්නෙ ද පියඹ
No comments:
Post a Comment