.........towards the stream of thoughts

Wednesday, October 16, 2013

සොයුරාණ


 
සැවොම හිනැහෙන අරුමැසි බිමක

සොඳුරු බව සිහිනෙන් දකින

මල්බර තුරුණු විය මල් අතැර

කටුසර මඟෙහි පිය මනින

මුතු අකුරු පෙම් හසුන් විලස නොව

සටන් වැකි ලෙසින් කැටපත් කරන

ගැඹුරු  කටහඬ මියුරු තනුවක

බැඳුණු පෙම් ගීයකට නොව

දහසක් දෙනා නෙත් පාදන

අඬහැරයකට ලඝු කළ

රුවන් මාළිග හැර අබිනික්මන් කළ

නිවනට දුර වැඩි හෙයින්

දහඩිය සුවඳ හා පොර බඳින

සරසවි දළ අහර මත යැපෙන

සොයුරාණ නුඹ ද සිදුහත්

මුළු ලොවට එක සේ පෙම් කරන

 

 

 

No comments:

Post a Comment