.........towards the stream of thoughts

Saturday, December 15, 2012

මතක උදානය

මා සිත් නිම්නෙ මිතු දම් ගගුලෙ
ඔබෙ නමින් දිය රැලිති නැගී
සැමදා සෙනහස් නිල් දිය විසිරේ
මේඝ වලා ඈති ගුවන දිගේ
කාලයෙ ගන සැඩ රළු හිරු කිරණින්
මිතු දම් ගගුලැල් මියෙනු නොදී
හරිත තුරු ලතා පලසක් අතුරමි
මතකයෙ සිසිලස නිබද රැදී
රන් සිසි කිරණක් විලස නැගෙන්නෙමි
දුකදුර රජයන කටුක රැයේ
සුසිනිදු පවනක් විලස හමන්නෙමි
සොම්නස පොබයන පහන් පැයේ

No comments:

Post a Comment