.........towards the stream of thoughts

Thursday, November 14, 2013

වෙරෝනිකා




හිරු ගිලෙන  කඳුළු සමුදුරේ 

චණ්ඩ රළ පෙළ අතරේ

ටයිටැනික් සිහින මවනා

වෙරෝනිකා


පා දවන වැලි තලය අතරින්

ආදරේ සුදු

පබළු කැට මතු වේවි ද

වෙරෝනිකා

 

සැඩ කුණාටුව මැදින්

 ගල්පර මතින්

නෞකාව මුහුදුබත් වේවි ද

 වෙරෝනිකා


මායාවකි දුර ක්ෂිතිජ රේඛාව

ඉඩ නෑ අහසකට එක් වෙන්න

සීත මීදුමට ඉඩදී ඈතට වෙන්න

වෙරෝනිකා

No comments:

Post a Comment