.........towards the stream of thoughts

Wednesday, January 9, 2013

රිසානාට,,,,,,,,,,


ඔබේ අවසන් සුසුම එක් වූ විගස වා තලයට
හිරු දෑස් වසා ගති
 වලාකුළු දෑත් විදහා
ඉවසිය නොහැකි තැන
ඉකි බිඳියි රතු මුහුද
කඳුළු දිය ඉස ඉස
එදා රියාද් නුවර කෙළවර
ගී ගැයූ විහඟුන් තුටු රැවින
අඳ ගොළුය අඳුරු වීදි කොණ ළඟ
විසල් කතර ද තෙත් විය
අහස් ලිය හෙළූ කඳුළට
නොතැවෙනු මැනවි සොයුරිය
දෙව් ලොවේ දොරඟුළු
විවර වනු ඇත නුඹෙ නමට

1 comment:

  1. සත්‍යය ජය ගන්නා දිනය වැඩි ඈතක නොවේ....

    ReplyDelete