.........towards the stream of thoughts

Sunday, January 15, 2017

Banjara හුදෙකලා සැරිසරන්නා






හද නිවා සනසන  නිමේෂයන් රැඳි
කවියෙකුගේ ගසල් ගීයක් මෙන්
හුදකලා සැරිසරන්නෙකුට
සෙවණ දෙන නිවහනක් මෙන්
යමෙකු මට හමු විය

නව ඉර්තුවක උදෑසනක් සේ ද
සිසිරයේ  දහවලක් සේ ද
හුදකලා සැරිසරන්නෙකුට
සෙවණ දෙන නිවහනක් මෙන්
යමෙකු මට හමු විය

ගිලෙන්නෙකුට පිහිට වන
සයුරු වෙරළක් සේ ද
දිවියේ හැරවුමක
ඇය මට මුණ ගැසිණ

රැය එළිය කරන තරුවක් සේ
නගරය ආලෝකවත් කරන
තාරකාවකි ඇය
ඇය  සිටින තැනක මට
මේ සියලු වේදනා අමතකය
ඇගෙන් යලි ජීවිතය උගනිමි

වැසි බිඳු වලින් ගතම තෙමී යන්නා සේ
තුවාලයක ගැල්වූ ඔසුවක් පරිද්දෙන්
හුදකලා සැරිසරන්නෙකුට
සෙවණ දෙන නිවහනක් මෙන්
යමෙකු මට හමු විය

ඇගේ සිනහව රැඳි මුව මා සුරකියි
ඇගේ  හදවත් සයුරෙහි කුමක් සඟවා ඇත්දැයි
නමුදු කිසිවෙකි නොදනියි
ඇය හිරුට මුහුණ පා අන් යට සෙවණ දෙයි
ඇයට රිදෙන මොහොතක් පාසා
මම වේදනා විදින්නෙමි
අහෝ හදවත, ඔබේ අරමුණ හෙළි කරනු මැන

කලබලකාරී විහගෙකු මෙන්
මම තැනින් තැන පියා සැලුවෙම්
 හුදකලා සැරිසරන්නෙකුට
සෙවණ දෙන නිවහනක් මෙන්
යමෙකු මට හමු විය

නව ඉර්තුවක උදෑසනක් සේ ද
සිසිරයේ  දහවලක් සේ ද
හුදකලා සැරිසරන්නෙකුට
සෙවණ දෙන නිවහනක් මෙන්
යමෙකු මට හමු විය



Film -      Ek villan
Vocals -  Mohommad Irfan
Lyrics -  Mithoon
Music -  Mithoon
Translation - Dharanee Upeka Weerasekara

No comments:

Post a Comment