ඉර දැවෙන
නිකිණි මහ ඉරිදාක
සිසිල් දිය
දොතක් දෝතින් ම ගෙන
ඉරි තැලුණු හද
බිමට ඔබ පා නැඟූ සඳ
ඉතින් මේ
නිකිණි මහ වුව
වසත් සමයයි
සිත් අරණට
සියොතුනේ තුරු
වදුලු පාමුල
හිඳ ගයන වියෝ
ගී නවතන්න
පිරුණු හද
විල් දිය ගෙන
වැහි වලා මල්
වැස්ස වස්සන්න
මිලින වූ
කුසුම් පෙති අතරින්
එකින් එක මල්
පූදන්න
No comments:
Post a Comment