එදා ඔබ
නික්මෙන්න
මොහොතකට
පෙරාතුව
සැමරුමක් සේ
දෑත
මත තැබූ මල්
බඳුන
තවම ඇත අඳුරු
නිවහනට පිටුපසින්
ඔබ නමින් මතක
මල් දරා ගෙන
අපේ දෑඟිලි
නොබැඳෙන බැවින්
මතු යම් දිනෙක.....
උගුල්ලා පැළ
කළෙමි එය
රළු බොරළු
පොළොවක
රන් පැන්
කෙණ්ඩියෙන්
වත් කළෙමි කඳුළු
දිය
නිල්ල නෙළමින්
විසල්
තුඟු රුකක්
විගසින් ම
පණ ගසා වැඩුණි
එය
අවසන හරිත
පෑයෙන
කිසි දිනෙක
නුඹ යළිදු
නොඑන බව දැන
දැනම
වැළඳ ගමි
සෙනෙහසින්
ඒ විසල් තුරු
බඳ
මතක අමුණමි
ඔබේ
ගිල්හෙනා තුරු
පත් වලට
No comments:
Post a Comment