තද කළෙම්
හදවත් ද්වාරය
වැරෙන්
දොරඟුළු දමා
නාදුනන දඟකාර පෙම්
සුළං රැළි වලට
හොරෙන් හෝ
එබිකම් නොකරන්න
වැසුවෙම්
මසිත් කවුළුව
තිර රෙදි දමා
විගසින්
සඳ එළිය ඇබින්දක්වත්
නොවැටෙන ලෙස
අඳුරු ගෙපැලට
කිසිත් අමතක නොවන මතක වෘන්දාවේ සැරිසරා
පුරුදු විස
කටු පඳුරෙන් ම සීරෙන්න
දැන දැන ළය
තුවාලය පාරන්න
සිතක් තතනන
අරුමය
රිදුම් දෙන
වග පෙනි පෙනී
විරහ කඳුලෙන්
දොවමි ඔබ පා යුග
සැලමුතු ප්‍රේමයේ
සලකුණ
ක්‍රිෂ්ණ , ඒ
ඔබ ය ඔබමය රාධා තමයි මම
සැබෑ ලොව
අහිමි වුව කම් නැත
ස්වප්නයක
දැවටී ඔබ එන්න
මිහිරි වස්දඬු
රාවයෙන්
සිතේ හිස්
තැන් පුරවන්න
No comments:
Post a Comment