හමු නොවෙන විට
දවසක් දෙකක්
දැනෙයි සියවසක
මෙන් හුදකලාවක්
මුවෙන් නිතරම
නොදෙඩුවත් පෙම් වදන්
සිතෙන් පෙම්
කරන වග දනී දැන් හදවතත්
සුගම මුත්
බරැති ආදරය හිස දරා ගෙන
කරන තරණයකි
ජීවිතේ මහ ගිරි දඹ
සිත්තමක් සේ
සිත රැඳුණු ඔබ සනහස
ගෙත්තමක්
කරන්නම් ගෙත්තම් පාන ළඟ
සිව් මහා නදී ඌලය
ද නුඹ වසන් වුණ
සමනල සිරස මත
රසඳුනක් වී ගලන
ආවාරෙක වුව ද
හිත වෙත තෙතමනය දෙන
සීත ගඟුලත්
නුඹයි සීත මුත් සුව ගේන
හද දෑලවර මල්
පිපි සේ ම පෙර දාක
දෑඟිලි බැඳෙන
දිනයක් එයි ද මතු දාක
එවන් දිනයක්
නොඑයි නම් හිනැහෙන්න
ඉර සේවයක්
කුමට තනිව හිඳ නරඹන්න
ධරණී ©
No comments:
Post a Comment