සඳු නැඟෙන්නට
ළඟ බව
දැන අහස් ලිය
කොපුලත
මැවෙන ඒ
සොඳුරුතම
සුරත් පැහැය ම
යි
රැඳුණේ ඔබේ
වුවනත
ඔබ ද මා හා
මුණ ගැහුණ
එදින මේ අහස්
වියන යට
ඔබට පෙම් කරන
වග
නොසඟවා පැවසි
සඳ
නිසල දිය පිරි
පොකුණක
දියෙහි පැහැ
ගත් දෙනුවන
පහන් තරු
දෙකක් එකවර
පෑයූ සේ එකළු
විය
ඔබේ පෙම්බර
නෙත්සර
මෙතෙක් කල්
හදෙහි තෙරපෙන
පැනයක් තිබුණි
නොඇසුව
කිම ද මුළු
ලෝකයම ඔබ සමඟ
කියාගන්නට
නොහැකි තරමටම මනහර
දැන් දනිමි
එයට පිළිතුර
©ධරණී
No comments:
Post a Comment