ලස්සනක් නැතිව
රළු ගැහුණ
කොළඹටත් ඇවිත්
දැන් මහ වැස්ස
හැම තැනම
දැනෙන්නේ කවදත්
අකැමතිම
දූවිලි දුගඳ
ඒ කොහොම වුණත්
මම ආදරෙයි වස්සානෙට
කාෂ්ඨක පොළොවට
අස්වැසිල්ලක් ගේන
ප්‍රේමයේ මුල්
පාඩම
කියවමි....හොඳින්
කියවමි
අහස් ලිය හෙළන
කඳුළු කැට දෙස
නෙත් අයාගෙන
බලාගෙන
සාලියට වගේ
නැහැ සිහසුනක් අත් හරින්නට
රෝමියෝ
ජුලියට්ලාට මෙන් වෙරෝනාවක් නැහැ
අප දෙදෙන
නමින් යුද වදින්නට
වීදියේ හිඳ
ගයන පුරුදු පෙම් ගීය මිස
නැහැ
පෙරහුරුකමක්, කෝඩුකාරයෙක් මම
පාඩුවේ මෙතෙක්
කල්.,කල් ගෙව්ව
රුපියලක්වත්
දී හැමදාම
බසයක නැඟී
නික්මෙන
කුමරියේ අවසරද
ඔබ නමින් මට
මා මරන්නට
~~~~~~~~~~~~`ධරණී~~~~~~~~~~~~~~~~
No comments:
Post a Comment