සැවොම හිනැහෙන
අරුමැසි බිමක
සොඳුරු බව
සිහිනෙන් දකින
මල්බර තුරුණු
විය මල් අතැර
කටුසර මඟෙහි
පිය මනින
මුතු අකුරු
පෙම් හසුන් විලස නොව
සටන් වැකි
ලෙසින් කැටපත් කරන
ගැඹුරු කටහඬ මියුරු තනුවක
බැඳුණු පෙම්
ගීයකට නොව
දහසක් දෙනා
නෙත් පාදන
අඬහැරයකට ලඝු
කළ
රුවන් මාළිග
හැර අබිනික්මන් කළ
නිවනට දුර
වැඩි හෙයින්
දහඩිය සුවඳ හා
පොර බඳින
සරසවි දළ අහර
මත යැපෙන
සොයුරාණ නුඹ ද
සිදුහත්
මුළු ලොවට එක
සේ පෙම් කරන
No comments:
Post a Comment