හුන්නස්ගිරි
සිරස තරම් හදවත මත නැඟි දුක් බර
මන්දස්මිතයෙන්
පළවා හරින කුමාරී
ඔබගේ පෙම්
මහවැලියට
හද හන්තානය
තෙත් වෙයි
සිනා සිසී මා
ළඟින් ම රැඳෙනු නොවෙන් වී
අඳුර මැදින්
පායා එන අරුන්දතිය විය නුඹ මට
සොඳුරු සිත්
අහස ගනඳුර ගොසින් තුරන් වී
සරසවි බිම මල්
පූදින වසන්තයක් ම ය සෙනෙහස
සිත් අරණම
විකසිත කළ මැනවි කුමාරී
කටු අනිනා
ඉඩෝරයට වැහි කෝඩය දෝතින් ගෙන
ආදර දිය දහර
ඉසින සුරංගනාවී
සැමරුම් කිරි
කවඩි අහුර ආදර සයුරේ වෙරළත
අතුරා පිය
නඟනු මැනවි අහිංසකාවී
No comments:
Post a Comment