සැනිටයිසර් බෝතලය පසෙකින් තැබූ හැරී රොන්ගේ මඟ අවුරා සිට ගත්තේය. හැරී ඔහුගේ විෂබීජහරණය කළ මායා යෂ්ටිය තදින් සුරතින් ග්රහණය කර ගෙන සිටියේ කුමන අවස්ථාවක හෝ ගල් කිරීමේ මන්ත්රය රොන් වෙත ජප කිරීමේ සූදානමෙනි.
"කොහෙද මේ ඒ පාර ගාල කඩා ගත්ත බක්බීක් වගේ යන්න හදන්නේ" හැරී කෝපයෙන් ගිගිරුවේය.
" මට අදිසි ලෝගුව දෙන්න හැරී. පොඩි රවුමක් දාලා එන්නම්" ක්ලෝඩන් කේක්, බටර් බියර්, ගෙම්බෝ චොක්ලට් වැනි කෑම බීම වල රස සිහියට නැගෙත්ම ඔහුගේ මුව තෙත් වූයේ නිරායාසයෙනි.
" රොන් ඔයාට හොඳටම පිස්සු. අදිසි ලෝගුව දැම්මා කියලා මේ වෛරස් එකෙන් බේරෙන්න බැහැ. යනවා ! ගිහින් ප්රොෆෙසර් ස්නේප්ටත් අහුවෙලා හවුස් එකේ ලකුණුත් කපා ගෙන එනවා" එවර හර්මොයිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබිණි.රොන්ගේ වගකීම් විරහිත වැඩ ගැන හර්මොයිනි තුළ කිසිදු ප්රසාදයක් නොවුණේ මෙවැනි සිදුවීම් නිසා ය.
" දැන් ඔයා හිතන්නෙ අනික් මායා පාසල් වලත් මේ වගේ ළමයින්ව ඉස්කෝලෙ ඇතුළේ හිර කරගෙන ඉන්නවා කියලද?"
" ඇයි නැත්තෙ. වික්ටර් කෘම් කියලා එවලා තිබ්බ මට එහෙත් එහෙම තමා කියලා."
" කොරෝනා අස්සෙ කොහොමද එච්චර විස්තරයක් කියලා එව්වෙ"රොන් විස්මයෙන් දෑස් මහත් කර ගත්තේය.
" බස්සෙක් අතේ" හර්මොයිනි තමා කියවමින් සිටි පොත දෙසම බලාගෙන පිළිතුරු දුන්නේය.
" හර්මොයිනි කරුණාකරලා මේ ටිකේ බසු තැපෑල පාවිච්චි කරන එක අඩු කරන්න. ඒකෙනුත් එහෙනම් මේ වෛරස් එක බෝවෙන්න පුලුවන්" රොන් පැවසුවේය.
" ඒක නම් ඇත්ත. මම හැමදාම හෙඩ්විග්ගෙ කකුල් සැනිටයිසර් දාලා හෝදලා තමා ළඟට ගන්නෙ" හැරී රොන් දෙස බලා ඉඟිමරමින් පැවසීය.
"ඒයි අර මොකද්ද" එකෙණෙහිම කවුලුවෙන් පිටත බැලූ රොන් තමා වෙත වේගයෙන් එන අපැහැදිලි වස්තුවක් දෙස ඇඟිල්ල දිගු කළේය.
මතු සම්බන්ධයි.
© ධරණී උපේකා වීරසේකර
No comments:
Post a Comment