2014.01.10
නවදිල්ලිය
සන්ධ්‍යා හිරු රැසින් ප්‍රභාමත් වූ ලක්ෂ්මී නගර්හි වීදි කොණෙක ටාටා නැනෝ වර්ගයේ රථය නැවැත්වූ මහාචාර්ය ආදිත්‍ය ශර්මා ප්‍රබෝධමත් බවින් යුතුව ඉන් බැස්සේ වසර ගණනක් තිස්සේ තමා යෙදවූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ලෙස නව නිර්මාණය ලෝකය විසින් හරසරින් පිළි ගැනීමේ ප්‍රීතිය සිතැතිවය.
පටු මගෙහි අංක 13 දරණ දෙමහල් නිවස ඉදිරිපිට සිවුරුහන් කරමින් නැවතුණු ඔහු සීනුව නාද කළේය.
"ආ... මහාචාර්යතුමා එන්න එන්න ඇවිත් වාඩි වෙන්නේ! අංජලී ලෑස්ති වෙලා ඉන්නේ....."
අංජලීගේ මව සෙනෙහෙබර සිනහවකින් ඔහුව පිළිගනිමින් කීවාය.
තරප්පු පෙළ බැස ආ අංජලීගේ මුහුණ ඔහු දකිත්ම ආලෝකමත් විය. ඔහු දුරකථනයෙන් පැවසු ආකාරයට සුදු පැහැති බ්ලවුසයකින් හා නිල් පැහැති කලිසමකින් චාම්ව ඇය සැරසී සිටියේ විද්‍යාත්මක සාකච්ඡාවකට සහභාගී වීමටය.
"ඉන්න මන් මොනවා හරි බොන්න අරන් එන්නම්.."
" කරදර වෙන්න එපා අම්මා..." ආදිත්‍ය ආචාරශීලී ස්වරයෙන් කීවේය." අපි දැන්ම යන්න ඕනේ"
"අනේ, කොපි කෝප්පයක් වත් බීලා යන්න."
"දැන් පරක්කු වෙයි අම්මේ. සාකච්ඡාව පහට නේද තියෙන්නේ?" ඇය ආදිත්‍ය දෙසට හැරෙමින් කීවාය.
මුවින් කිසිවක් නොදෙඩු ඔහු බිම බලාගත්වනම හිස සැලුවේය.
ඇයට ආචාර කර නිවසින් ඉවතට පැමිණි පසු අංජලී ආදිත්‍ය දෙස බැලුවේ විමිතියෙනි.
"ඇයි අද වැඩිය කතා නැත්තේ?"
"සතුට වැඩි කමට"
අංජලී හඩ නගා සිනාසුණාය .
"අද හරි අමුතුයි" ඇය සිහින් හඩින් කීවාය.
"මම ඒ අමුත්තට ආසයි!" ඔහු පිළිවදන් දුන්නේ සුක්කානමෙන් නෙත් ඉවතට නොගෙනය.
ආදිත්‍යගේ රිය වේගයෙන් දිල්ලි නගරය වෙත ඇදී ගියේය. ඔහු සුපුරුදු නිහඩ ව්‍රතයේම ගිළී සිටියේය.
රථය බම්බලා පාලම පසු කරත්ම අංජලී කටහඬ අවදි කළාය.
" ආදිත්‍ය අපි යන්නේ වැරදි පාරක! විද්‍යාවේදීන්ගේ සංගමයේ මූලස්ථානය තියෙන්නේ මේ පාරේ නෙවෙයිනේ!"
"නැහැ නැහැ ඔන්න දැන් තමයි අපි හරි පාරට වැටෙන්න යන්නේ!" ඔහු සිනාවක් පාමින් කීවේය.
ඔහු රථය India Gate අසල නවත්වදිදී අංජලී කිසිවක් තේරුම් ගත නොහැකිව තරුණ මහාචාර්යවරයා දෙස බැල්මක් හෙළුවාය.
මතු සම්බන්ධයි.....

No comments:
Post a Comment