උදුවප් මහ ඒක්
අදුරු රාත්‍රියක
සීතල හිම මත
උණු කදුළු රන්දා
නික්ම ගිය අරුමය
ඔබ
මඟ හසර දැන
ගන්න
තරු ලකුණකුදු
නැති සද
ලුහුබදිමි
කැටි ගැසුණු
හිම මත රැදුණු
පිය සටහන්
පුන් සඳ ඇවිත් සිනා සෙත්දෙන්
අමාවක ළඟ බැව්
මම දනිමි
වසා ලමි
කවුළුව
ඒමතින් ඇද ලමි
තිරපට
ඉතින් දැන් ඉඩ
නැත
අනාරාධිත සඳ
කිරණට
අඳුරු බව
සැබවි මේ කුටිය
නමුදු පෙම්
බඳිමි ඒ අඳුරට
හරිම ලස්සන කවි කතාවක්!
ReplyDelete// අඳුරු බව සැබවි මේ කුටිය
නමුදු පෙම් බඳිමි ඒ අඳුරට//
බලාගෙන ගිහාම හැමෝම අඳුරට පෙම් බඳින මිනිස්සු....
ස්තුතියි හරිත :)
Deleteඅමාවක ළඟ බැව් මම දනිමි
ReplyDeleteවසා ලමි කවුළුව
ඒමතින් ඇද ලමි තිරපට
ඉතින් දැන් ඉඩ නැත
අනාරාධිත සඳ කිරණට....ලස්සන පද ගෙත්තමක් ධාරා :)