.........towards the stream of thoughts

Friday, December 23, 2016

Sanam teri kasam ඔබ නමින් සපථ කරමි










කිසිදු සීමාවකින් තොරව
මගේ හදවතින් ඔබට පමණක් පෙම් කළෙමි
මගේ හැම යැදුමක ම අවසන නුඹවම  පැතුයෙමි
ඔබේ නික්ම යාම මට ශාපයක් වැනිය

ඔබ මා හැර ගියහොත්
මම  මියෙන්නෙමි
ඔබ  නමින් සපථ කරමි
සොඳුරිය මම මියෙන්නෙමි  

ඔබ දකින මොහොතක
මා දෙනෙත් තෙත් වෙයි
ඔබ  නමින් සපථ කරමි
සොඳුරිය...

කුමන තැනකට පත් වුව ද
මා කෙරෙන් ඉවසීම පලා ගොසින්ය
ඔබෙන් තොර  මොහොතක්  හෝ
මා දිවි ගෙවා  නොමැතිය

මුළු රෑ පුරා මගේ කඳුළු ඔබව කැඳවයි
මගේ හැම යැදුමකම අවසන ඔබව පැතුයෙමි

ඔබේ මත්  බැවින් මහද ගිලන් වී ඇත
දැන් මා පාවා නොදෙනු මැන
ඔබ නිසා ගිලන් වූ හදැති
මගේ වරද කුමක්ද

ඔබ මා හැර ගියහොත්
මම  මියෙන්නෙමි
ඔබ  නමින් සපථ කරමි
සොඳුරිය මම මියෙන්නෙමි  



චිත්‍රපටය :   සනම් තේරී කසම්
සංගීතය :  හිමේෂ් රෙෂම්මියා
ගී පද :      සමීර් අන්ජාන්
ගැයුම :     අන්කිත් තිවාරි  /පලක් මුන්චාල්
පරිවර්තනය : ධරණී උපේකා වීරසේකර 

Wednesday, December 21, 2016

මගේ සඳවතිය ( Channa Mereya)










හොඳයි .. මා දැන් නික්මෙන්නම් .ඔබේ යාඥාවන් හි මා සිහි කරනු මැන.
ඔබේ දිවග මගේ  නාමයෙහි රසය ඉතිරි කර ගනු මැන
මා කළ යහපත් දේ ඔබේ හදවත් මංජුසාව තුළ තැන්පත් කරනු මැන
මගේ සුබ ප්‍රාර්ථනාවන් අපේ ලියුම් කඩදාසි තුළ  තබා ගනු මැන

ඔබේ අඳුර මා විසින් රැගෙන ඇත
මගේ දිදුලන තාරකාව දැන් ඔබේ ය
අහෝ මගේ සඳවතිය
මගේ ප්‍රේමණීය සඳවතිය

ඔබගේ සාදයේ මා නොමැති වුව
දුක් නොවන්න ..දුක් නොවන්න
අපගේ සමීපත්වයේ  සාද කතාවන්හි
කිසි අඩුවක් නොමැත ..ඒවා බොහෝය
ඔබේ මිදුලෙහි මගේ උදෑසන සන්ධ්‍යාවන්  බවට පත් වූ වාර බොහෝය

මගේ මාවත ඔබගේ දිශාවෙන් ඉවතට ගෙන යමි
ඔබ ළඟ සුවඳ පමණක් ඉතිරි කර යන මිරිවැඩි සඟල මා ය
මුනිවර සළුවකින් හා පලුපත් මතින් වසා
මගේ ආශාවන් ඔබේ සයනත මතුයෙහි ඉතිරි කර යන්නෙමි

පරිවර්තනය - ධරණී උපේකා වීරසේකර
පද වියමන  - අමිතාබ් භාත්චාර්ය
සංගීතය- ප්‍රිතම්
ගැයුම - අර්ජිත් සිං

( කරන්  ජෝහාර්ගේ ඒ දිල් හේ මුෂ්කිල් චිත්‍රපටයේ  චන්නා මේරේ යා  ගීතය ඇසුරෙනි )


https://www.youtube.com/watch?v=bzSTpdcs-EI