.........towards the stream of thoughts

Saturday, January 25, 2014

සුපෙම් යාත්‍රා - නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා- (දෙවන දිගහැරුම)

සාවිත්‍රිගේ අතෙහි කවරයක දැමූ පොතක් තිබෙනු දුර තියාම  දුටු අනුපමාට අස්වැසිල්ලක් දැනුණි.

"ඇති යන්තම් පොත හම්බවෙලා වගේ"  

"පොත නම් හම්බුණා...එත්.."

"එත් කිව්වේ?"

"පොත ලැබුණට  වෙන මොකක්දෝ නැති වුණා වගේ දැනෙනවා.."

" අනේ අනේ .. ආයෙත් අර සුපුරුදු දාර්ශනික සාහිත්‍ය කෑළි කියවන්නේ නැතුව කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියන්නකෝ?"

"අනේ මන්ද.. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි."

" හරි එහෙනම් ඕනේ නැහැ.. ඕක අමතක කරලා දාමු. දැන් යමු. හොඳටම හවස් වුණා"

ආපසු නවාතැන්පොළට පැමිණෙන තුරු සාවිත්‍රිගේ මුවෙන්  වදනකුදු නොගිලහිණි. ඇයගේ සමීප මිතුරියක වන අනුපමාට සාවිත්‍රිගේ නිහඩ ව්‍රතය අරුමයක් නොවේ. ඇය සාමාන්‍යයෙන් මෙවන් නිහඬ පිළිවෙතකට සම වදින්නේ  සිතට තදින් කා වැදෙන යමක් සිදුවූ  විට බව අනුපමා දන්නීය. ඒ නිසා ඇය ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරන්නට නොගියාය.


සවස් කාලය පුරාම පොත සොය සොයා මහන්සි වූවද සාවිත්‍රිගේ සිත තවමත් නොසන්සුන්ය...සැබවින්ම එය නොසන්සුන් කමකටත් වඩා වදන් වලට ගැළපිය නොහැකි හැඟිම් සමුදායක් බව ඇගේ සිතට දැනුණි.. සීතල ජලයෙන් නෑම, මේ සියල්ල හමාර කරන්නට හොඳම විසඳුම යැයි ඇගේ සිත කීය..

බිඳෙන් බිඳ සීතල ජල බිඳු ඇගේ හිස ගත  හා වත මතට පතිත වන විට දැනුණේ අහසේ පාවෙන තරම් සැහැල්ලුවකි. ජලය සියලු වේදනාවන්  හා සරතැස නිවා ලන්නට දෙවියන් මැවූ ඔසුවක් වැනිය


නා අවසන්ව ලිහිල් ඇඳුමකින් සැරසි ඈ සිය දිගු වරලස පිහිදමන්නට  වූවාය.

 බිත්තියේ එල්ලා තිබු  තෙවසරකට පෙර රෝමයෙන් මිලදී ගත්  දෑත් අල්ලාගෙන සැදෑ සක්මනක  යෙදෙන තරුණ යුවළකගේ සිතුවම අසල ඇසිල්ලකට සාවිත්‍රිගේ දෙනෙත් නැවතුණි.

 ඇය  තවමත් තෙත් වරලස උනා සඳලුතලය ගියේ ඒ නිහඬ පාරිසරික සුමිහිරියාවත් සමඟ එකාත්මික වන්නටය... සිහිල් වාරැල්ලක් පැමිණ ඈ පිළිගත්තේ ඇගේ වත මතට වැටුණු එක් කෙහෙරොදක් සමඟ සෙල්ලම් කරන්නට මෙනි...

 ඇගේ නෙත් අහස දෙසට නෙත යොමු වූයේ නිතැතිනි... අහස පුරා, සඳ පායා ඇත.. මේ මෝරන සඳෙහි කැළුමින් අවට වලා රොදවල් ද විචිත්‍ර වී ඇත.. සිහින් වා රැලි සමඟ දඟ කරන කෙහෙ රැළිත් සමඟ සඳ දෙස බලා සිටීමෙන් ඇගේ සිත නිවුණි..

එකෙණෙහිම පහල මාලයේ ක්‍රියාත්මකව තිබු රේඩියෝවේ අස පුරුදු පැරණි හින්දි ගීයක් වාදනය විය...

''අජීබ දාසතා හේ යේ...
කහා ෂුරු කහා කතම්...
යේ මන්සිලෙ හේ කෝන සි..
නවෝ සමජ් සකේ නා හම්..''

ඇගේ මුවඟට සිනහවක් පැමිණියේ නිතැතිනි... ඇත්ත තමයි...මේ ජීවිතයත් හරියට නොදන්නා කතාවක් වගේ .තමා...කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරන්නද කියා නොදන්න...මේ තේරුම් ගත නොහැකි ජීවිතය, කෙසේ  වේ දැයි මා කොහොම වටහා ගන්නද?.....ඇගේ සිත ඇයටම සිනා සීය..


මතු සම්බන්ධයි....

ලියන්නේ ධරණී වීරසේකර  සමග ෂෙනාල් රාජකරුණානායක

 

Saturday, January 18, 2014

සුපෙම් යාත්‍රා....... නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා................... ( පළමු දිගහැරුම)

                                                                                         ...

අහස ලා දම් පාටින් සැරසිලා..වලාකුළින් බර අහස් කුස හරියට  සිතිවිලි වලින් පිරුණු  හිත් වගේ .
බිනර මහ හීතලත් කැටි කරන හමා ගෙන ආපු හුළග ඇගේ හිරිගඩු පිපෙන තරමටම හීතයි.  ඒත් පොත් වලට තියෙන කෑදරකම නිසා මේ ගමන් නොගිහින් ඉන්න ඇගේ හිත දුන්නේ නැහැ. සීතලත් එක්කම කොළඹ අහසින් හීන් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් අරන්.

"සාවිත්‍රි අපි යමුකෝ... තවත් හිටියොත් වැස්ස හොඳටම තද කරයි"

 අනුපමාගේ ගොරනාඩුවත් වැඩි වෙද්දී සාවිත්‍රි අකමැත්තෙන් වගේ තිර රෙද්ද තිබ්බ විදිහටම ඇද්දේ සුපුරුදු  විදිහටම  ජනේලයට අගුළ දාලද කියල දෙපාරක් බලලා. වහින හැටි බලන් ඉන්න සාවිත්‍රි ඒ තරමටම ආසයි.


වැස්ස අස්සෙම මීටර් ටැක්සියක් නතර කර ගත්ත දෙමිතුරියෝ ඉක්මනින් එකට නැග ගත්තා.

හීන් පොද වැස්ස නොතකාම මීටර් ටැක්සිය ඉදිරියටම ඇදුනා.

"කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය"  නිල් පාට ධජ හැම එකකම දිග හැරුණු පොතක රූපයත් එක්ක ඒ වචන ටික වැල් අකුරෙන් ලියලා තිබුණා.

පොත් වලට මිනිසුගේ ඇති ආදරේ විමසන්නට  එය කදිම තෝතැන්නක් වුවද දසතින් ගලන ජනී ජනයා හමුවේ එකිනෙක තෙරපි පොත පත තේරීම තරම් අපහසු කමක් තවත් නොමැති තරම්....එහෙත් කලක් තිස්සේ පෙරුම් පුර පුර මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පෙරදිග කලා ශිල්ප අරබයා ලියැවුණු පොත අදවත් කොහෙන් හෝ සොයා ගත යුතු යැයි ඇගේ සිත කීවා...
කුටි කිහිපයකට ගියත් සොයා ගත නොහැකි වුණු පොත තව තවත් සොයා යන්නට සිත එකඟ වූ වත් දෙපා නම් අදිමදි කළා..

''අනේ..දැන්නම් හොඳටෝම මහන්සියි... පොඩ්ඩක් ඉඳගමුකෝ!!..'' අනුපමා කීවේ ඇත්තටම එපා වෙලා...

සාවිත්‍රිට එය නෑසුන බව දැනුණු විට ''ඔන්න මට නම් බැහැ තව දුර යන්න...  දැනටමත් පැය එකහමාරක්!මං මේ ගත්තු පොත් ටිකත් එක්ක පැත්තකට වෙලා ඉඳන් ඉන්නම්..ඔය ගිහින් ඔය කළුනික සොයා ගෙන එන්න'' ..ඒ අනුපමාගේ කේන්තිය සමග සුසුම් ලන කටහඩ...

''හොඳයි..මං තව පොඩ්ඩක් බලලා එන්නම්...''

"ඕනේ එකක්! මම ඔයා එනකම් පොරි ටිකක් කනවා. බඩගිනියිත් වගේ එහාට මෙහාට ඇවිදලා.."

  සාවිත්‍රි නැවතත් පොත සොයා ගියා...

සමහර කුටි වල සෙඟ පිරිලා....සෙනඟ පිරුණු කුටි කිහිපයක් පසු කර ඉදිරියට යද්දි ඇයට එතරම් සෙනඟක් නොසිටි කුටියකට ගොඩ වදින්න සිතුණා.. එහි රාක්ක පීරී තිබුණේ පැරණි පොත පත වලින්..

''මේකේ නම් පොත තියෙන්නම ඕනේ''  ඇගේ සිත පැවසුවේ සතුටින්...

අත පොවන මානයට වඩා ඉහළින් පිහිටි රාක්කයක මෙතෙක් කල් හැමතැනම  ඇය හොයමින් සිටි පොත තිබෙන බව සාවිත්‍රි දුටුවා... අසල කිසිවකුත් නොසිටි හෙයින්  පා ඇගිලි වලින් එසවී ඇය දෙතුන් පාරක් පොත ලබා ගන්න උත්සහ කළත් එය ලබා ගැනීමට හැකිවූයේ නැහැ...

 වෙළඳ සේවකයෙක් එන තුරු  ඇය පහළ රාක්කයේ වෙන හොඳ පොත් තිබේදැයි බැලුවා.සුදු කුර්තාවකින් සැරසුණු තරුණයෙක් ඈ අසලට පැමිණ පොත් තෝරමින් හිටියත් සාවිත්‍රි ඔහු ගැන තැකීමක් කළේ නැහැ. වෙළඳ සේවකයෙක් ළඟට ආවයින් පස්සේ පොත් අර ගන්නයි සාවිත්‍රිට ඕනේ වෙලා තිබුණේ.


නමුත් අඩි හයක් පමණ උස් සිහින් සිරුරකින් යුත් අර තරුණයා ඉතා පහසුවෙන් තම දිගු ඇගිලි වලින් ඉහළම රාක්කයේ තිබූ "පෙරදිග කලා ශිල්ප විමසුම" කියන පොත අතට ගත්තා..සාවිත්‍රිට තේරුණේ ඔහු ඇයට හිමි වෙන්න තිබුණ මහාර්ඝ වස්තුවක් උදුරා ගන්නවා වගේ හැගීමක්.

සාවිත්‍රිගේ අත එම පොත වෙත දිගු වුණේ ඇයටත් නොදැනීමයි...

වික්ෂිප්තයට පත් ඔහු  එය ඇයට අවශ්‍ය දැයිඇසින් විමසුවා... ඔහුගේ දීප්තිමත්, තියුණු දෑස් වලට යටින් තිබුණේ බලාපොරොත්තු සුන් වූ බැල්මක්. සාවිත්‍රි  එය අවැසි බවට සන් කළා.

පොත දෙස බලා සුසුමක් පිට කර ඔහු එම පොත ඇය අතට දී කුටියෙන් පිට වූණේ විදුලි වේගයෙන්...

''මිස්ටර්....මේ පොත...!'' ඇගේ මුවින් පිටවූයේ ඇයත් නොදැනීමයි....



මතු සම්බන්ධයි..

ලියන්නේ ධරණී උපේකා සමඟ ෂෙනාල් නියෝමාල්



Monday, January 6, 2014

I will find the shadows of your smile


In far away sea where sky and land meet
I will find the shadows of your smile

Mixed with the vanishing sea waves
When the spring fades and winter dawns

You will walk slowly to my dreams
And vanish in the dawn making it a nightmare
As the sun setting in western sky

In moments of joy I will hear you laugh
Even if you are not here any longer

In moments of sadness I will feel you’re soothing
Like   a comforting lovely blessing in disguise

Coming down from steps of memories
Build your dream castle out of pearls

That are the tears of my eyes
Make my sighs a way to heal you

 When you are feeling  tired
Punish me for the sin of not proving my love

And for just keeping it  hidden in depth of my heart
 
 


 

 

 



Thursday, January 2, 2014

මගේ හිතත් කියවන්න (අවසන් කොටස)

බැස යන රන් පැහැ හිරු රැස් වලින් ආලෝකමත් වූ ඉන්දියා ගේට් ඉතා අලංකාරව දුරට දිස් විය.
සෙනග අඩු තැනක දී රියෙන් බට ආදිත්‍ය ශර්මා අංජලීට ඉන් බැසීමට දොර විවර කළේය.

සාකච්ඡාවක් ගැන කීවද ආදිත්‍ය එවන් අවස්ථාවකට නොගැළපෙන අන්දමේ සැහැල්ලු ඇඳුමක් ඇද සිටීම ද අංජලී තුළ සැකයක් ජනිත කළේය.

"ආදිත්‍ය ඇයි මේ?"

" සමාවෙන්න අංජලී. මන් බොරුවක් කිව්වේ. අද එහෙම සාකච්ඡාවක් නැහැ. මට ඕනේ වුණේ නිස්කලංකව ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එහෙම දෙයක් කිව්වේ නැත්තම් ඔයාව ගෙදරින් පිටට එක්කන් එන්න බැරි වෙයි කියල හිතුණා  "

සුළගින් ඇවිස්සුණු කෙහෙරැළි අතින් සැකසූ අංජලී ඔහු දෙස විස්මයෙන් මහත් වූ දෑසින් බලා සිටියාය.

"ඇත්තෙන්ම මේ තරම් විශාල  සොයා ගැනීමක් කළාට ඒක ලෝකෙට ඉදිරිපත් කරන්න ඕනේ විදිහක් ගැන මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඔයා තමයි කිව්වේ වරණාසි වලට ගිහින් මනෝ උපදේශකයෙක්  හැටියට මේ යන්තරේ ප්‍රයෝජනයට ගත්තොත් ලෝකේ අවධානය මං දිහාට යොමු වෙයි කියලා. ඔය නොහිටින්න මන් නිකම්ම නිකන් විද්‍යාඥයෙක්. මේ ගෞරවයෙන් භාගයක් හිමි වෙන්න ඕනේ ඔයාට. මේකට මං කොහොම ස්තුති කරන්නද?"

"අයියෝ ඉතින් හරි! ඕක හැම තිස්සෙම කියවන්න ඕනේ නැහැ. හැම interview එකකදීම ඕක කිව්වනේ ලෝකෙටම ඇහෙන්න. දැන් මිනිස්සුන්ට ඔය කතාව අහලම එපා වෙලා ඇති"  ඇය සිනාමුසු ව කීවාය

සැදෑ අඳුර පරයමින් දැල්වුණු වීදි ලාම්පු එලිය ආදිත්‍යගේ උපැස් යුවළ මතට පතිත විය. ඔහුගේ දෑස් මෙතරම් බබළන්නේ එනිසා යැයි අංජලී සිතුවාය.

"මට සමාවෙන්න යන්ත්‍රය ලෝකය පිළිගන්න තෙක් ම මට බැරි වුන ඒක ඔයාට බලන්න දෙන්න"

"එකට නම් මගෙන් කිසිම සමාවක් නැහැ මහාචාර්යතුමා . මන් කොච්චර බැගෑපත් වෙලා ඉල්ලුවද එකම ඒක වතාවක් ඔය යන්තරෙන් ඔයාගේ හිත කියවලා බලන්න මට ඉඩ දෙන්න කියල? බැහැ ම කිව්වා! අඩුමගානේ මම කිව්වා මගේ හිත කියවලා පෙන්නන්න කියල. ඒකට කැමැති වුනෙත් නැහැ. ඒකට මොකද  වරණාසි ගීහින් නාදුනන මිනිස්සු සිය ගාණක හිත කියෙව්වා!"

" ඒකට හේතුව දන්නවනම් ඔය කවදාවත් මට මෙහෙම දොස් කියන එකක් නැහැ"

"ඔව් ඉතින් දැන් මොකක් හරි බොරු හේතුවක් කියයි"

"අංජලී, ඔයා දන්නවද දැන් ලෝකෙ කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ යන්ත්‍රය, අනික...."

"අනික?"

" අනික තමයි මං මේ කරන්නේ. ඔයාගේ හිත කියවන්න මට මන් හදපු යකඩ ගොඩ ඕනේ නැහැ අංජලී! මේක කියාගන්න බැරුව මං කොච්චර දුක් වින්දද? Anjali I love you! Will you marry me?"

ආදිත්‍ය India gate පසු කර යන ජනකාය නොතකා ඇයගේ දෙනෙත් දෙස බලමින් මහ මඟ දණ ගැසුවේය. මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි රතු  මල් පොකුරක් අංජලීගේ දෑත මත රැදුණේ අගේ විස්මය දෙගුණ තෙගුණ කරමිනි.

" දෙවියනේ...ආදිත්‍ය, නැගිටින්න මිනිස්සුත් බලාගෙන.."


"මුළු ලෝකෙටම මගේ සොයාගැනීම් බලන්න හොඳ නම් මගේ ආදරය දැක්කහම මොනවා වෙනවද?  මට ඔයාගේ  උත්තරය කියන්න, එතකොට මන් නැගිටින්නම් "

"එක පාරටම Will you marry me... don't you wanna test me as your girl friend?" අංජලී ඇසුවාය.

"I am a scientist , I don't come to conclusions without enough tests! and this is more than enough! සමහර දේවල් අඩු වයසින් කරන්න ඕනේ. අවුරුදු විසිඅටෙන්  මහාචාර්ය වුනු එකේ  විවාහ වෙන එක ප්‍රමාද කරන්නේ ඇයි?" ඔහුගේ මුහුණේ දගකාර සිනහව ඇදී තිබුණේ සිතුවමක් පරිද්දෙනි.

"Sorry I don't love you!"

ආදිත්‍යගේ ප්‍රීතිමත් මුහණ සැණෙකින් අදුරු විය.

"I don't JUST love you! I love you FOREVER! till my last breath!"

හොඳ වෙලාවට මගේ හෘදය වස්තුවෙ ලෙඩක් නැහැ. තව පොඩ්ඩෙන් heart attack!"

ඇයව තදින් වැළඳ ගන්නා අතරතුර ඔහු කණට නෑසෙන තරම් සිහින් ස්වරයෙන් මිමිණුවේය.

සමාප්තයි!



 

මගේ හිතත් කියවන්න ( දසවන කොටස)

2014.01.10
නවදිල්ලිය

සන්ධ්‍යා හිරු රැසින් ප්‍රභාමත් වූ ලක්ෂ්මී නගර්හි වීදි කොණෙක ටාටා නැනෝ වර්ගයේ රථය නැවැත්වූ මහාචාර්ය ආදිත්‍ය ශර්මා ප්‍රබෝධමත් බවින් යුතුව  ඉන් බැස්සේ වසර ගණනක් තිස්සේ තමා යෙදවූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ලෙස නව නිර්මාණය ලෝකය විසින් හරසරින් පිළි ගැනීමේ ප්‍රීතිය සිතැතිවය.

පටු මගෙහි අංක 13 දරණ දෙමහල්  නිවස ඉදිරිපිට සිවුරුහන් කරමින් නැවතුණු ඔහු සීනුව නාද කළේය.

"ආ...  මහාචාර්යතුමා එන්න එන්න ඇවිත් වාඩි වෙන්නේ! අංජලී ලෑස්ති වෙලා ඉන්නේ....."

අංජලීගේ මව  සෙනෙහෙබර සිනහවකින් ඔහුව පිළිගනිමින් කීවාය.

තරප්පු පෙළ බැස ආ අංජලීගේ මුහුණ ඔහු දකිත්ම ආලෝකමත් විය. ඔහු දුරකථනයෙන් පැවසු ආකාරයට  සුදු පැහැති බ්ලවුසයකින් හා නිල් පැහැති කලිසමකින් චාම්ව ඇය සැරසී සිටියේ විද්‍යාත්මක සාකච්ඡාවකට සහභාගී වීමටය.

"ඉන්න මන් මොනවා හරි බොන්න අරන් එන්නම්.."

" කරදර වෙන්න එපා අම්මා..." ආදිත්‍ය ආචාරශීලී ස්වරයෙන් කීවේය." අපි දැන්ම යන්න ඕනේ"

"අනේ, කොපි කෝප්පයක් වත් බීලා යන්න."

"දැන් පරක්කු වෙයි අම්මේ. සාකච්ඡාව පහට නේද තියෙන්නේ?" ඇය ආදිත්‍ය දෙසට හැරෙමින් කීවාය.

මුවින් කිසිවක් නොදෙඩු ඔහු  බිම බලාගත්වනම හිස සැලුවේය.

ඇයට ආචාර කර නිවසින් ඉවතට පැමිණි පසු අංජලී ආදිත්‍ය දෙස බැලුවේ විමිතියෙනි.

"ඇයි අද වැඩිය කතා නැත්තේ?"

"සතුට වැඩි කමට"

අංජලී හඩ නගා සිනාසුණාය .

"අද හරි අමුතුයි" ඇය සිහින් හඩින් කීවාය.

"මම ඒ අමුත්තට ආසයි!" ඔහු පිළිවදන් දුන්නේ සුක්කානමෙන් නෙත් ඉවතට නොගෙනය.

ආදිත්‍යගේ රිය වේගයෙන් දිල්ලි නගරය වෙත ඇදී ගියේය. ඔහු සුපුරුදු නිහඩ ව්‍රතයේම ගිළී සිටියේය.
රථය බම්බලා පාලම පසු කරත්ම අංජලී කටහඬ අවදි කළාය.

" ආදිත්‍ය අපි යන්නේ වැරදි පාරක! විද්‍යාවේදීන්ගේ සංගමයේ මූලස්ථානය තියෙන්නේ මේ පාරේ නෙවෙයිනේ!"

"නැහැ නැහැ ඔන්න දැන් තමයි අපි හරි පාරට වැටෙන්න යන්නේ!" ඔහු සිනාවක් පාමින් කීවේය.

 ඔහු රථය India Gate අසල නවත්වදිදී අංජලී කිසිවක් තේරුම් ගත නොහැකිව තරුණ මහාචාර්යවරයා දෙස බැල්මක් හෙළුවාය.


මතු සම්බන්ධයි.....




 

මගේ හිතත් කියවන්න ( නව වන කොටස)

මහාචාර්ය වරයා දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලූ රේඛා සිං ඔහු පැනවූ අසුන මත හිඳ ගත්තාය.

"මහාචාර්ය තුමා  මම කැමතියි සජීවීව ඔබ මගේ හිත කියවා පෙන්වනවානම්"

"සජීවී වැඩසටහනක ඔය වැඩේ කරන එක හරිම අවදානම් මෙනවිය, ඔබේ හිතේ තියෙන මොන මොන දේවල් මගේ කටින් පිටවෙයිද කව්ද දන්නේ?"

"එකට කමක් නැහැ. මම ඒ අවදානමට සූදානම්. අනික මගේ හිතේ ලෝකෙන් වසන් කරන්න දේවල් නැහැ"

"අපි හැමෝටම රහස් තියෙනවා. ලෝකයත් එක්ක බෙදා ගන්න බැරි. මේ වැඩේ කරන්න ගිහින් එහෙම දෙයක් මන් අතින් එලි වුනොත් ඒක සී news හරහා මුළු ලෝකයම දැන ගනියි. එතකොට මගේ හිතටත් හරි නැහැ."

 "මාත් එක්ක අමනාප වෙන්න එපා මහාචාර්ය තුමා මට ඔබ තුමාගේ ඔය වැඩේ ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැහැ. ඒ නිසා මට මේක සාක්ෂි ඇතුව හරියටම දැන ගන්න ඕනේ! ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා. මට ඕනේ හරියටම ඔබ මගේ හිත කියවනවා දකින්න. ඕන දෙයක් කියන්න, මම ලෑස්තියි"

" මේ තියෙන්නේ මුරන්ඩුකමක්ද, නිර්භීතකමක් ද මෝඩකමක් ද කියල මං දැන් නැහැ. ඔබේ අවසාන තීරණය ඒක නම් අපි මේ වැඩේ කරමු. මට ප්‍රශ්නයක් නැහැ" ඔහු තියුණු බැල්මක් හෙළමින් කීවේය.

"අපි දිවා පුවත් වලට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධ වෙලා හිටියේ. දැන් වෙලාව හරි අපි සජීවීව වැඩසටහන පටන් ගමු ආයෙත්. කැමරා සූදානම් කර ගන්න" රේඛා පැවසුවාය.

"කරුණාකරලා මේ ආසනයේ වාඩි වෙලා මේ ලෝහ හිස්වැසුම පැළඳ ගන්න. ඔබ මගේ හිත කියවීමේ  විස්තරයෙන් සෑහීමකට පත් වුණාම මට අතින් සංඥා කරන්න.එතකොට මම නවත්තන්නම් " මහාචාර්යවරයාගේ උපදෙස් අනුව ඇය අසුන් ගත්තාය.

 ලෝහ හිස් වැස්ම පැළඳ ගන්නවාත් සමගම ඇයට දැනුණේ  වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමකි. එය බිය, චකිතය, කුතුහලය මිශ්‍ර  වූ චෛතසිකයකි.

මහාචාර්යවරයා ලෝහ හිස්වැසුම වයරයකින්  සම්බන්ධ වූ තිරයක් දෙස උනන්දුවෙන් නෙත් යොමාගෙන සිටියේය.

" ඔව් රේඛා සිං මෙනවිය මේ මොහොතේ ඔබ සිතමින් ඉන්න දේවල් මම කියන්නම්, ඔබ දැන් හිතනවා මේ වැඩසටහන හොදින් කර ගත්තොත් සී news නාලිකා ප්‍රධානි තනතුර දක්වා උසස් වෙන්න වුණත් පුළුවන් කියල. ඔබ දැන් තරමක් පුදුමයට පත් වුණා. ඔබට දැන් ගෙදර මතක් වුනා. පන්ජාබ් වල අම්මලා ගෙවන දුක් සහිත ජීවිතේ මතක් වෙනකොට ඔබට හිතෙනවා පවුලේ වැඩිමල් දුවගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරනවා මදිද කියලත්. ඔව් ඔබ හිතනවා තාත්තාගේ රස්සාව නැති නොවුනානම් පවුලට මෙච්චර කරදර විදින්න ඕනේ නැහැ කියල. සොච්චම් පඩියක් හම්බෙන දැනට වැඩ කරන IOC එකෙන් අයින් වෙලා කොහොම හරි ප්‍රතීක් හොඳ රස්සාවක් වෙන තැනකින් හොයා ගත්තොත් තාත්තලාට බරක් නොවී මංගල්ලේ කර ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා. එත් ඒ ගැන ඔහුට කියන්න මොකද්ද වගේ. "

"දෙවියනේ මේ දේවල් සේරම කොහොමද දැන ගත්තේ? ප්‍රතීක් ගැන මම කාටවත්.................! "  විස්මය තව දුරටත් දරා ගත නොහැකිව කෑ ගැසූ රේඛා හුනස්නෙන් නැගී සිටියාය.

"කොහොමද මේක කරන්නේ? කිව්ව දේවල් හරියටම හරි, අනික මන් මේ සමහර දේවල් කාටවත් කියල නැහැ.. මේක නම් හාස්කමක් , ඔබ සෘෂිවරෙයක් ද?"

" රේඛා මෙනවිය, ඔබේ හිතේ තියෙන සේරම දේවල් පෑනක් අරගෙන කොළේක ලිව්වොත් මොකද වෙන්නේ? හිතේ තියෙන දේවල් කඩදාසියක ලියවෙන්නේ කොහොමද?මේ යන්ත්‍රයෙන් කෙරෙන්නේත් අන්න එකමයි. ඔබේ සිතිවිලි තරංග විශ්ලේෂණය කරලා ඒවා අකුරු බවට පත් කරනවා"

" එහෙම විද්‍යාවක් තියෙන්න පුලුවන්ද?  අර දේවල් ඔබ හරියට නොකියන්න මම මේක විශ්වාස කරන්නේ නැහැ"

" මේකේ විද්‍යාත්මක මූලධර්මය මම ලෝකෙත් එක්ක බෙදා ගන්න කැමතියි. මේ සම්බන්ධ ඕනෑම විද්‍යාත්මක වාදයකට වුණත් මම සුදානම්!එත් ඒකට මේ දක්වා අවස්ථාවක් ලැබුණේ නැහැ. ගොඩ දෙනෙක් මේක දැක්කේ විකාරයක් නැත්තම් සුරංගනා කතාවක් වගේ. හරිනම් මේක ගිනස් පොතට යන්න තිබ්බේ මීට ගොඩක් කලින්. මේ වැඩසටහන නැරඹුවායින් පසුව හරි බලධාරීන් මේ නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න උනන්දු වෙයි කියල මන් හිතනවා" ආදිත්‍ය ශර්මා නැහැය පහතට වැටෙමින් තිබූ උපැස් යුවළ නිසි තැන ස්ථානගත කරන අතරතුර කීවේය.

" ඔව් අදට අපට ලැබී තියෙන කාලය අවසන්. අද සත්‍ය ගවේෂී වැඩසටහන ඔබට නවමු අත්දැකීමක් ලබා දුන් බව අප විශ්වාස කරනවා. ඉතින් මේ අප සමග සිටින්නේ සමස්ත ඉන්දියාවම බුහුමන් කළ යුතු අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක්. ඉතින් බොහොම ස්තුති මහාචාර්ය ආදිත්‍ය ශර්මා ඔබගේ වටිනා කාලය කැප කළාට. ඒවගේම ඔබේ මේ විශිෂ්ට නිර්මාණයට නිසි තැන හිමිවී ඔබට තවදුරටත් සමස්ත මානව වර්ගයාගේම සුබ සිද්ධිය වෙනුවෙන් නව සොයාගැනීම් සිදු කිරීමට ශක්තිය දිරිය ලැබේවායි සී news නාලිකාව වෙනුවෙන් මම සුබ පතනවා! මම රේඛා සිං ,හමුවෙමු හෙටත් සුපුරුදු වෙලාවට. සුබ දවසක්!"'

මතු සම්බන්ධයි.....