.........towards the stream of thoughts

Tuesday, October 22, 2013

To moon from earth with love


 
 
 
 
 
 
 
 

You are the one who can give

That glitter to my sapphire eyes

But you are the one who let them dive

In saffron weeping tear lakes

I am your beloved bluish earth

Far and far away from reach

Still you seem like a dawn

Dawning amidst a darkest dusk

It’s for you that my thoughts yearn

But dragging away in fear of risk

Since the very day you had left

I feel as if I lost myself

Like the earth in continental drift

Directions are lost in my life

Every full moon day I stare

At your distant handsome face

Then I will be lost in rare

Memories that I always trace

 

 

 

 

Friday, October 18, 2013

මාවතක දුටු වත


ලස්සනක් නැතිව රළු ගැහුණ

කොළඹටත් ඇවිත් දැන් මහ වැස්ස

හැම තැනම දැනෙන්නේ කවදත්

අකැමතිම දූවිලි දුගඳ

ඒ කොහොම වුණත් මම ආදරෙයි වස්සානෙට

කාෂ්ඨක පොළොවට අස්වැසිල්ලක් ගේන

 

ප්‍රේමයේ මුල් පාඩම

කියවමි....හොඳින් කියවමි

අහස් ලිය හෙළන කඳුළු කැට දෙස

නෙත් අයාගෙන බලාගෙන

සාලියට වගේ නැහැ සිහසුනක් අත් හරින්නට

රෝමියෝ ජුලියට්ලාට මෙන් වෙරෝනාවක් නැහැ

අප දෙදෙන නමින් යුද වදින්නට

 

වීදියේ හිඳ ගයන පුරුදු පෙම් ගීය මිස

නැහැ පෙරහුරුකමක්, කෝඩුකාරයෙක් මම

පාඩුවේ මෙතෙක් කල්.,කල් ගෙව්ව

රුපියලක්වත් දී හැමදාම

බසයක නැඟී නික්මෙන

කුමරියේ අවසරද

ඔබ නමින් මට මා මරන්නට

 

~~~~~~~~~~~~`ධරණී~~~~~~~~~~~~~~~~

Wednesday, October 16, 2013

සොයුරාණ


 
සැවොම හිනැහෙන අරුමැසි බිමක

සොඳුරු බව සිහිනෙන් දකින

මල්බර තුරුණු විය මල් අතැර

කටුසර මඟෙහි පිය මනින

මුතු අකුරු පෙම් හසුන් විලස නොව

සටන් වැකි ලෙසින් කැටපත් කරන

ගැඹුරු  කටහඬ මියුරු තනුවක

බැඳුණු පෙම් ගීයකට නොව

දහසක් දෙනා නෙත් පාදන

අඬහැරයකට ලඝු කළ

රුවන් මාළිග හැර අබිනික්මන් කළ

නිවනට දුර වැඩි හෙයින්

දහඩිය සුවඳ හා පොර බඳින

සරසවි දළ අහර මත යැපෙන

සොයුරාණ නුඹ ද සිදුහත්

මුළු ලොවට එක සේ පෙම් කරන

 

 

 

Friday, October 11, 2013

ඔබයි සමනල සංධ්වනිය

කිසිදාක නොවැයූ
ප්රේමයේ සුහුඹුල් තනුව
සුසර කර හද වෙණ තත්
වයන්නට ඇඟිලි තුඩු පැකිලෙන...

වදුලු මල් ගොමු අතරින්
කදුළු දිය වෑස්සෙන
මගේ ම නොවූ මගේ ම ආදරය
ඔබයි සමනල සංධ්වනිය

සමනල තටු ගැහෙන ඉසියුම් ම සර
කෙලෙස නම් වැටහේද
විසල් හඬටම හුරු වුණ
ඔය සවන් පත් වලට